Dakina Wita Pansalak instrumental - Malani Bulathsinhala
දකින විට පන්සලක් - මාලනී බුලත්සිංහල
දකින විට පන්සලක් පිළිමයක් බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වදිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත් බරව බලනවා
ගැඹිනි මව් කෙනෙකු හෝ රෝගියෙකු දුටුකලෙක
කවුළුවෙන් අනන්තය සොයනවා...
අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම
නෙත් දහස් වාරයක් දුවනවා...
දකින විට පන්සලක්....
වාරු නැති මහළු වත නෙතේ ගැටෙතැයි බියෙන්
දෙනෙත් යුග නිදිකිරා වැටෙනවා...
ලොවේ නැති දහසකුත් ගැටළු සිහියට නගා
අහසබිම ගැටලන්න හදනවා...
දකින විට පන්සලක්...
No comments:
Post a Comment