Thursday, November 9, 2017

Temple of the Sacred Tooth Relic

දළදා හාමුදුරුවන් උදෙසා දෛනික තේවා මුර තුනක් පැවැත්වීම සිරිත ය අලුයම් තේවාව නවපෑ තේවාව සහ හැන්දැ තේවාව ලෙස මෙම තේවා හැදින්වේ  තේවා යන්නෙහි ඇරත නම් ඉටුකළ යුතු වත්පිළිවෙත් හා නියමිත වෙලාවට කළ යුතු චාරිත්‍ර විධි එලෙසින් ඉටු කිරීම යන්නය දළදා මාලිගාවේ දී පවත්වන පූජා සදහා තේවා යන්න යොදාගනු ලබන්නේ බුදු පුද ,බුදු සිරිත ,හෝ බුදු පුජාව යන අරුතිනි .ඒ සදහා කැපවී සිටින පිරිස තේවාකරුවන් ලෙස හැදින්විමට හුරු වී තිබේ ශ්‍රී දළදා වහන්සේ රාජ්‍ය උරුමය වන හෙයින් දළදා තේවා සදහා ඉහළ බහුමානිය අගයක් ගොඩ නැගී තිබේ.එහෙයින් දිවමන් බුදු හිමියන්ගේ සුවාසු දහසක් ධර්මස්කන්දයෙන් පහස ලද්දා වූ සිරි දළදා වහන්සේ උදෙසා පවත්වන තේවාවන් සියල්ල බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ආනන්ද හිමියන් ඉටු කළ අයුරින්ම සිදු කිරීම විශේෂත්වයකි මේ වගකීම අතිගරු මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් වෙත දළදා සම්ප්‍රදායෙන් පවරා දී තිබේ.

අලුයම් තේවාව 
මෙය අලුයම් දූරය ලෙස ද ව්‍යවහාර වේ දිනපතා පාන්දර 5.15 ට අලුයම් තේවාව ඇරබේ.ඒ සමගම අලුයම් දූරයේ හේවිසි වාදනය කෙරේ.තෙවාකාරක භික්ෂුන් වහන්සේලා වට්ටෝරුරාල සහ අනෙකුත් රාජකරිකරුවන් ද පල්ලෙමලේ සිට යතුරු පයින්ඩ කිරීමෙන් පසු දොරවල් හැර අලුයම තේවාව සදහා සුදානම් වේ.දළදා හාමුදුරුවන් උදෙසා පැන් පුජා  කිරීම,දැහැටි පුජා  කිරීම,සමන් මල් පුජා  කිරීම,ගිලන්පස හා හීල් දානය පුජා  කිරීම පියවරින් පියවර සිදු කරයි.ඒ සමගම අලුයම් දුරයේ හේවිසි වාදනය ද සිදු කළ යුතුයි.උදෑසන 6.30 පමණ වන විට අලුයම් දුරයේ තේවා කටයුතු නිමා වෙයි. 

නවපෑ  තේවාව
උදෑසන 9.15 ට මාලිගාවේ දොරවල් හැරීමේ චාරිත්‍රයෙන්  නවපෑ  තේවාවට මුල පිරේ.මෙහිදී හේවිසි මණ්ඩපයේ සිට හේවිසි වැයීම සිදුවන්නේ සිරිතක් ලෙසිනි පල්ලේ මලේ බුදුගේ තුළ දී තේවාභාර භික්ෂුන් වහන්සේලා මල් මුරයක් තැබීම සිරිත ය.පසුව උතුම්  දළදා වහන්සේ වන්දනා කිරීමට බැතිමතුන්ට අවසර ලබාදෙයි දහවල් 10.15 ට දවල් දානය පුජා කෙරේ.මෙහි දී මහරන් පාත්‍රය,කුඩා රන් පාත්‍රය,සහ රිදී පාත්‍රා තුනක ආහාර හා අවුළුපත් පූජා කිරීම චිරාගත සම්ප්‍රදායයි.
 

හැන්දෑ තේවාව 
මෙය හැන්දෑ දුරය ලෙස ද හැදින් වේයි.එසේම අවස්ථා දෙකක දී සිදුවන්නේ රජුගේ අණ නියමය පරිදි ය පළමු හැන්දෑ දුරය පස්වරු 6.15 ට ආරම්භ වෙයි හේවිසි වාදනය ද සිදු කෙරේ.චාරිත්‍ර ඉටුකර උඩුමාලේ දොරවල් 6.30 ට විවаත කෙරේ.තෙවාකාරක භික්ෂුන් මල්මුරයක් තබා අනතුරුව සවස ගිලන්පස දළදා හාමුදුරුවන් උදෙසා පුජාකරයි.පළමු ගිලන්පස පූජාව මෙන් නොව පානීය වර්ග හයකින් යුක්තව දෙවන ගිලන්පස පූජාව සිදු කෙරෙයි.එය පස්වරු 8.00 ට සිදුවන්නකි දිනක් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දළදා වන්දනා කිරීමට හවස පැමිණෙන විට හැන්දෑ තේවාව අවසන් වී දොරවල් වසා තිබුණි රජු පැමිණිය ද යළි දොරවල් හැරීම දළදා තහංචියකි.ඒ අනුව ප්‍රමාද වීමෙන් පැමිණියහොත් රජුට දළදා වන්දනා කිරීම සදහා අවසරයක් ලබාදෙන මෙන් රජු කළ ඉල්ලීමකට අනුව දෙවන ගිලන්පස පූජාව ආරම්භ වී තිබෙයි.

 
දළදා තේවාව සහ හේවිසි වාදනය

No comments:

Post a Comment