Wednesday, July 10, 2019

Dakina Wita Pansalak instrumental - Malani Bulathsinhala



දකින විට පන්සලක් - මාලනී බුලත්සිංහල දකින විට පන්සලක් පිළිමයක් බෝධියක් හුනස්නෙන් නැගිටිමින් වදිනවා හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන අඩවන්ව නෙත් බරව බලනවා ගැඹිනි මව් කෙනෙකු හෝ රෝගියෙකු දුටුකලෙක කවුළුවෙන් අනන්තය සොයනවා... අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම නෙත් දහස් වාරයක් දුවනවා... දකින විට පන්සලක්.... වාරු නැති මහළු වත නෙතේ ගැටෙතැයි බියෙන් දෙනෙත් යුග නිදිකිරා වැටෙනවා... ලොවේ නැති දහසකුත් ගැටළු සිහියට නගා අහසබිම ගැටලන්න හදනවා... දකින විට පන්සලක්...

Nirwana swarna dwarayen instrumental - Sanath Nandasiri



නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම් // ක්ලේශ තාපයේ අනන්ත වේදනා ජලේ // නෞකාව දම් අමා වඳිම් නමා නළල් තලේ නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම් දෑගසවු රහත් බුදුන් මා සිතින් පුදා // වන්දාමි සඟරුවන් ගඳින් මලින් බැතින් සදා නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම් // ගායනය, සංගීතය - සනත් නන්දසිරි ගී පද - අජන්තා රණසිංහ