අන්තවාදීන්ගේ ක්‍රියාකලාපයන් නිසා ඓතිහාසික දෙවනගල පුදබිම විනශයට
පත්වෙමින් පවතින බවට ලැබුණු තොරතුරු මත නෙත් එෆ්.එම් බැලුම්ගල කණ්ඩායම ඒ සම්බන්ධයෙන් සොයා බලා ඇත. වාම දළදා වහන්සේ සමවත් සුවයෙන් වැඩසිටි ඓතිහාසක දෙවනගල පුදබිම ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම මීට පෙරද නෙත් එෆ්.එම් රේඩ්යෝව හරහා වගකිව යුතු නිළධාරීන් දැනුවත් කර තිබේ.කෙසේ නමුත් බළධාරීන් මේ පිළිබඳව අවධානය යොමු නොකිරීම නිසා මෙම පුදබිමට එල්ලවන අන්තවාදී තර්ජන තවදුරටත් වර්ධනය වී තිබේ.
ඒ අනුව මෙම පුදබිමට අයත් ගම්වර පිළිබඳ වටිනා තොරතුරු ඇතුලත් සෙල්ලිපියක් ඇසිඩ් යොදා විනාශ කිරීමට උත්සහ කර ඇති ආකාරය මෙන්ම, ගලෙහි කොටන ලද දුර්ලභ සිරිපා සටහනක්ද ඇසිඩ් යොදා විනාශ කිරීමට උත්සාහ කර ඇති ආකරය දක්නට ලැබේ.
එසේම මේ සම්බන්ධයෙන් සොයා බැලීමට දෙවනගල පුදබිමට ගිය මාධ්‍යවේදීන් සිය නිරීක්ෂණ කටයුතු අවසන් කර නැවත පැමිණීමේදී එහි රැස්ව සිටි පිරිසක් විසින් දෙවනගල පුදබිම පූජා භූමියක් නොවන බවට ප්‍රකාශ කර පුරා විද්‍යා දෙපාර්තමේන්තුවටද අභියෝග කර ඇත.