Sunday, December 31, 2017

2018 ඔබට පල අපල මෙහෙමයි


නව වසරක ආරම්භය
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 වූද, ශක වර්ෂ 1940 ක්‌ හෙවත් කලියුග වර්ෂ 5119 හෙවත් ව්‍යවහාරික වර්ෂ හෙවත්
ක්‍රි. ව. 2018 ක්‌ වූ ජනවාරි මස 01 වැනි සඳු දින උදාවන නව වසරත් සමගින් රාශි වළල්ලේ මූලික වූ නව ග්‍රහ ගෝචරය අනුව ලග්න දොළහෙන් පළමු ලග්නය වන මේෂ ලග්නයේ සිට මීන ලග්නය දක්‌වා වූ ලග්න 12 හේ නව අවුරුදු ලග්න පලාපල මෙසේ දිගහැරෙන වගයි¾

n 01මේෂ
* ඒරාෂ්ටක නිමා වූ යහපත් වසරක්‌
* නව වසරේ මේෂ ලග්නයේ ග්‍රහ පිහිටීම
2018 නව වසර ආරම්භයත් සමග ඔබගේ මේෂ ලග්න ජන්ම පතේ ග්‍රහ පිහිටීම පහත පරිදි වේ. ලග්නාධිපති අඟහරු ලග්නයෙන් 07 වැන්නේ ගුරු සමඟින් යෝග වීමෙන් මෙම නව වසර උදාවන අතර සඳු 3 වැන්නේ සිටී. රවි, සිකුරු හා ශනි සමගින් 9 වැන්නේ හා බුධ ලග්නයෙන් 8 වැන්නේ සිටීම ඔබට සුබදායක වේ. රාහු 4 වැන්නේත් කේතු 10 වැන්නේත් සමගින් පසුගිය වසරේ ඔක්‌තෝබර් 26 වසර 3 කට පසු සෙනසුරු ලග්න අෂ්ටම ඒරාෂ්ටකය නිම වූ ඔබට මෙම වසර සුබදායක වනු ඇත.
2018 නව වසර ඔබට මෙසේ බලපානු ඇත.
විවාහය හා ගෘහ ජීවිතය
මෙම නව වසර විවාහ අපේක්‌ෂිත ඔබට විවාහ ඉටු වන වසරකි. විවාහක මේෂ ලග්න හිමියන්ගේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් සිතා බැලීමේදී බොහෝ විට නිතරම ගේදොර වාසනාව ඇති වන කාලයකි. උසස්‌ අයගෙන් යහපතක්‌ උදාවන කාලසීමාවකි. පවුලේ දියුණුවට කටයුතු සැලසෙනු ඇත. විශේෂයෙන්ම අවිවාහක මේෂ ලග්න හිමියන් වසරේ මුල් මාස 6 න් පසු එම කටයුතු සම්බන්ධයෙන් උනන්දු වීමෙන් ඔබට යහපත් ප්‍රතිඵල උදාකර ගත හැකි වනු ඇත. බොහෝ විට මෙම අගෝස්‌තු දක්‌වා කාලය තුළ පෙම්වතුන්ගේ ප්‍රේම සම්බන්ධතා සාර්ථක වන කාලසීමාවකි. ඔක්‌තෝබර් වලින් පසු කාලය තරුණ වයසේ පසුවන ස්‌ත්‍රීන්ට හා පුරුෂයන්ට ආදර හැඟීම් අතින් යහපත් වූ කාලසීමාවකි. මෙම තත්ත්වය බෙහෙවින්ම බලපාන්නේ මෙම වසරේ මුල් මාස 6 තුළය. වසරේ අග භාගයේ ග්‍රහ ගමන අනුව නම් අඹු සැමි සතුට හීනවන කාලයකි.
ධනය හා ලැබීම්
මෙම වර්ෂය ආරම්භයේදී ඔබට මිල මුදල් හා ධන ලාභවලින් සුබදායක වනු ඇත. වසරේ මුල් මාස 6 ක කාලය ධන ලාභ ලැබෙන කාලයකි. නමුත් විටින් විට අධික වියදම් හා ප්‍රබල ධන හානිද මෙම වසර පුරාවටම ඔබට යම් යම් අවස්‌ථාවල ඇති විය හැකිය. ඒ පිළිබඳව නිතරම අවධානය යොමු කිරීම හා බුද්ධිමත්ව කටයුතු කිරීම නුවණට හුරුය. වසරේ ජූලි සිට නොවැම්බර් දක්‌වා කාලසීමාව මිල මුදල් අතින් යහපත් කාලසීමාවකි. ලොතරැයි වාසනා වැනි ධන ලාභ ලැබීමට අවස්‌ථාවන් උදාවේ. මෙම කාලයේ ඔබ කතාවට දක්‌ෂ වනු ඇත. වචනයේ බලය පෙන්වීමට හොඳ කාලයකි. ගුප්ත විද්‍යාවෙන් වැඩ ගැනීමට බලාපොරොත්තු වන අයට මුල් මාසවලදී ඉතා යහපත් ප්‍රතිපල ලැබෙන කාල සීමාවක්‌ වනු ඇත. ඔබගේ බාල සහෝදරයෙකුට උසස්‌ වීමක්‌ ලැබීමට අවස්‌ථා උදාවනු ඇත.
රැකී රක්‌ෂා කටයුතු
රැකීරක්‍ෂාවල උසස්‌ වීම් මෙන්ම නව රැකියා අවස්‌ථා ලැබෙන කාලයකි. නමුත් වසර අග කාලසීමාව තුළ තමා රැකියාව කරන ස්‌ථානයේ යම් යම් මානසික පීඩා ඇතිවන ආකාරයේ සිද්ධීන් උදා විය හැක. විශේෂයෙන් සමාජයෙන් ගරු නාම ලැබෙන අතර සමාජයේ පිළිගැනීමක්‌ ඇති වේ. රැකියාව හේතු කොටගෙන ආදායම් මාර්ග සරුවන හා පඩි වැඩි වන කාලයකි. මෙම වසර තුළ වෙළෙඳ ව්‍යාපාරවල යෙදෙන ලග්න හිමියන්ට එමගින් ලාභ ලැබෙන අතර මෙම වර්ෂය ව්‍යාපාරවලට සුබදායක වසරක්‌ වනු ඇත. කෙසේ වෙතත් රාහු මහ දශා හා අන්තර් දශා ගතකරන හා සෙනසුරු ජන්ම හෝ චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ටක ගතකරන මේෂ ලග්න හිමියන්ට ව්‍යාපාර අතින් එතරම් සුබදායක නොවනු ඇත. අධික ලෙස මුදල් වියදම් කිරීමට සිදුවීම හේතුවෙන් ඒවායින් අලාභ හා පාඩු සිදුවිය හැකිය. එම නිසාවෙන් ඔවුන්ට මිල මුදල් අතින් එතරම් සුබ නොවනු ඇත. හවුලේ කරන රැකියා හෝ ව්‍යාපාර කටයුතුවලින්ද පාඩු සිදුවේ. කලක පටන් කරගෙන ආ රැකී රක්‌ෂාවලට බාධා ඇති වේ.
ශරීර සෞඛ්‍ය
ඔබට මෙම වසර සෞඛ්‍යය අතින් නම් සතුටුදායක යහපත් කාලයක්‌ වනු ඇත. ශරීර සනීපය ඇතිවන කාලයකි. ශරීරයේ බර වැඩිවේ. උදරාශ්‍රිත රෝග ආහාර ජීර්ණ පද්ධතියේ විවිධ ආබාධ, වසංගත රෝග, නිදන් ගත රෝගාබාධ, තත්ත්ව සුළු වශයෙන් ඇති වේ. වසරේ මුල් භාගයේදී සුළු අනතුරුවලට මුහුණ පෑමට සිදු වනු ඇත. එය බොහෝ දුරට අපරික්‌ෂාකාරී තත්ත්වයන් මත සිදුවිය හැකිය. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම මෙම කාලය තුළ පාදවලට අනතුරු ඇති විය හැකිය. යාන වාහන පැදවීමේදී පරිස්‌සම් විය යුතු කාලයකි.
අධ්‍යාපනය
ඥානය හා බුද්ධිය වැඩි දියුණු වන අතර අමුතු දෙයක්‌ පිළිබඳ ඉගෙනීමටද අවස්‌ථාව ලැබේ. තරග විභාගවලට ඉදිරිපත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එමගින් ජය හිමිවන අතර ඔවුන්ගේ උසස්‌ අධ්‍යාපන අවස්‌ථා පුළුල් වීමටද කටයුතු සැලසේ. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ශාරීරික නිරෝගීතාව අඩුවන අතර බොහෝ දේ අමතක වන ස්‌වභාවයක්‌ ඇත. වසරේ මුල් මාස 3 කාලයේදී නොගැලපෙන බැඳීම්වලට සිත යොමු වීම හේතු කොටගෙන අධ්‍යාපනයට බාධා හා අවහිරතා පැමිණේ.
වසරම සුබ දායක වීමටත් පවතින ග්‍රහ අපල සමනය වීමටත් -
පුර පක්‌ෂයේ සිකුරාදා දින 07 ක්‌ සවස 8 - 9 අතර හෝ උදෑසන 6 - 7 අතර කාලය තුළ නිල් කටරොළු මල් හා විවිධ වර්ගයේ මල් සමග බෝධි පූජාවන් පවත්වා විෂ්ණු දෙවියන්, පත්තිනි මෑණියන් ප්‍රධාන තම ඉෂ්ට දෙවියන්ට පින් අනුමෝදන් කර පවතින නවග්‍රහ අපල සමනය වේවායි ප්‍රර්ථනා කරන්න. මේෂයෙන් උපන් අයට රතු මැණික්‌ ගල් පැළඳීම යහපති.
2018 මේෂ ලග්න අය - 08, වැය - 05.
සුබ දවස්‌ - ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා
සුබ වර්ණ - රතු හා නිල් පාට
සුබ අංක - 06, 07 09
සුබ පාට - රතු මැණික්‌


n 02වෘෂභ
* වැය පක්‌ෂය ඉහළට
නව වසරේ වෘෂභ ලග්නයේ ග්‍රහ පිහිටීම
2018 නව වසර ආරම්භයත් සමග ඔබගේ වෘෂභ ලග්න ජන්ම පතේ ග්‍රහ පිහිටීම පහත පරිදි වේ. ලග්නාධිපති ශුක්‍ර හෙවත් සිකුරු ලග්නයෙන් 08 වැන්නේ රවි හා ශනි සමගින් පිහිටන අතර කුජ හා ගුරු 6 වැන්නේ යෝග වන අතර බුධ 7 වැන්නේත්, සඳු 2 වැන්නේත්, රාහු 3 වැන්නේත්, කේතු 9 වැන්නේත් ගෝචර ගමනක යෙදෙන අවස්‌ථාවක මෙම නව වසර උදාවනු ඇත. මෙම නව වසර වෘෂභ ලග්නය හිමි ඔබට මධ්‍යම ප්‍රතිඵල උදා වන්නා වූ වසරකි.
2018 වසර වෘෂභ ලග්න ග්‍රහචාරය අනුව ඔබට මෙසේ බලපානු ඇත.
වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ජන්ම පත්‍රයේ නව වසර ආරම්භයත් සමග පවතින ග්‍රහචාරයට අනුව ලග්නාධිපති සිකුරු සමගින් ශනි ඔබගේ ලග්නයෙන්
8 වැන්නේ ගමන් කරන අතර ලග්නාධිපති 8 වැන්නේ සෙනසුරු සමඟ ගමන් කිරීම මත ඔබට මෙම නව වසර ආරම්භය එතරම් සුබදායක නොවනු ඇත. එසේම රාහු 3 වැන්නේ සතුරු වීමත්, ඔබගේ ලග්නයට ලග්න අෂ්ටම ඒරාෂ්ටක අපල උදා කරමින් සෙනසුරු එළඹෙන 2020 ජනවාරි දක්‌වා ලග්නයෙන් 8 වැන්නේ සම රාශිගතව ගමන් කිරීම මත සියලු කටයුතුවලට බාධාකාරී තත්ත්ව වසර පුරාවට වරින් වරට මතුවිය හැකිය. ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එළඹෙන 2018 ඔක්‌තෝබර් මාසය දක්‌වා ගුරු හෙවත් බ්‍රහස්‌පති ඔබගේ ලග්නයෙන් 4 වැන්නේ බලවත්ව ගමන් කිරීම ඔබට මෙම වසර ආරම්භයත් සමඟ යම්කිසි කැපී පෙනෙන සුබ දායක තත්ත්වයකි. උෂ්ණාධික රෝගාබාධ මෙන්ම සෙම් ආශ්‍රිත රෝග, යටිබඩ ආශ්‍රිත ආබාධ, තුනටියේ හා අත පයවල ආබාධ, ස්‌නායු ආබාධ, තුවාල වැළඳීමේ අවදානමක්‌ වසරේ මුල් මාස 06 තුළ පවතී. ආදායම් තත්ත්වය මෙම වසර පුරාවට මධ්‍යස්‌ථ මට්‌ටමක පවතී. වැය පක්‌ෂය ඉහළ යන අවස්‌ථා උදාවනු ඇත. විශේෂයෙන් වසරේ අගෝස්‌තුවලින් පසු තමාගේa මවට අසුබඵල උදා කරනු ඇත. නව ව්‍යාපාර ආරම්භ කිරීමට වසරේ මුල් මාස 03 තුළ සුබදායක වනු ඇත. මෙම වසර ඔබගේ නෑදෑ හිතවතුන් ඔබට වඩාත් සමීප වන වසරකි. හිතමිතුරන් ඔබ හා එක්‌වන වසරකි. වන්දනා ගමන් මෙන්ම විදේශ සංචාරද වසරේ මුල් මාස 06 තුළ හිමිවනු ඇත. වසරේ මුල් මාස තුන තුළ පවුල් ජීවිතය ආශ්‍රිතව යම් යම් ගැටලු මතු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ව්‍යාපාරවලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප්‍රතිඵල උදාවනු ඇත. මුදල් ණයට දීමේදී ප්‍රවේශම් විය යුතු අතර ඔබ ඉල්ලා ඇති ණය මුදලක්‌ වසර මුලදීම ලැබෙනු ඇත. ලොතරැයි ලාභ හා භූමි ලාභ ඉටුවන වසරකි. ගේ දොර ඉඩකඩම් යාන වාහන ලැබීමේ හැකියාව වසරේ ඔක්‌තෝබර් දක්‌වා කාලය තුළ උදාවනු ඇත. විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවල නිරත අයටත්, දරුඵල බලාපොරොත්තු වන අයටත් වසරේ ඔක්‌තෝබර් දක්‌වා කාලය තුළ බාධක මැද වුවත් යම් පමණක යහපත් ප්‍රතිඵල උදාවනු ඇත. ඉන්පසු වසරේ ඉතිරි මාස කීපය සුබදායක නොවනු ඇත. උසස්‌ අධ්‍යාපන කටයුතුවල නිරත ඔබටත් සුබ දායක බලාපොරොත්තු තබාගත හැක්‌කේ වසරේ අගෝස්‌තු දක්‌වා වූ කාලය තුළය.
නව වසරේ රැකියා බලාපොරොත්තු වන ඔබගේ එම කටයුතු සාර්ථක වන අතර රැකියා ස්‌ථාන මාරු හා නව රැකියා සඳහා ද අවස්‌ථාවන් උදා වනු ඇත. විශේෂයෙන් ඔබ විදුලියෙන් පරිස්‌සම් විය යුතු වසරකි. ඒ පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුය. සාමාන්‍ය අනතුරු තත්ත්වයන්, ඇළ දොළ ගංගාවලදී සිදුවන අනතුරු තත්ත්ව හා රථවාහන අනතුරු තත්ත්ව ඇති විය හැකිය. වසරේ මුල් මාස 04 න් පසුව විවාහ කටයුතු සඳහා අවස්‌ථාවන් එතරම් උදා නොවනු ඇත. මෙම වසරේ අගෝස්‌තු දක්‌වා මෙම ලග්න හිමි පෙම්වතුන්ට සුබදායක වනු ඇත. මැණික්‌ ව්‍යාපාර හෝ භූමිය ආශ්‍රිත ව්‍යාපාර කරන ඔබට මෙම වර්ෂය මධ්‍යම ප්‍රතිඵල උදා කරනු ඇත. රෙදි කර්මාන්තවල යෙදෙන මෙම ලග්න හිමියන්ට මෙම වසර සුබදායක වනු ඇත. ගොවිතැන් කටයුතු කරන මෙම ලග්න හිමියන්ට මෙම වසර එම ගොවිතැන් කටයුතු සඳහා යහපත් වූ වසරකි. සෙනසුරු හා රාහු මහ දශා, අන්තර් දශා ගතකරන මෙම ලග්න හිමියන්ට බාධක හා පීඩා තත්ත්වයන් ඇති වනු ඇත. ගුරු සිකුරු මහ දශා හා අතුරු දශා ගත කරන්නන්ට සුබයි.
අපල දෝෂ දුරු කර ගැනීමට පිළියම්
හැකි සෑම විටම අඟහරුවාදා හා සෙනසුරාදා දිනවල සතිපතා බෝධි පූජා පවත්වා, සෙනසුරු අඟහරු ප්‍රමුඛ නවග්‍රහයන්ගේ අපල දුරුවීමට විෂ්ණු දෙවියන් වහන්සේට හා කතරගම දෙවියන් වහන්සේට පින් අනුමෝදන් කර උන්වහන්සේලාගේ පිහිට පතන්න. නිල් හා රතු මල් හා නිල් හා රතු කොඩි වැඩි වශයෙන් පූජා කරන්න.
පහත සඳහන් ගාථා කියා ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් වහන්සේටත්, කතරගම ස්‌කන්ධ කුමාර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේටත් පින් අනුමෝදන් කරන්න.
ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් වහන්සේට පින් දෙන ගාථාව
සම්බුද්ධ ශාසනවරං යතිපුංග වංච
සම්පාලනාය පටිලද්ධ වරෝ යසස්‌සී
පුඤ්Æනිමානි අනුමෝධීය වාසු දේවෝ
පාලේතු මං සතත සහත හිතා වහන්තූ.
කතරගම ස්‌කන්ධ කුමර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට පින් අනුමෝදන් කරන ගථාව
කාචරේ දේව ගෝවින්දං
රක්‌ඛන්තු ලෝක සාසනං
ඒතෙ දේවානු භාවේන
කන්ද ස්‌වාමි නමෝ වරං.
මෙම ගාථා තෙවරක්‌ කියා කතරගම දෙවියන්ටත් විෂ්ණු දෙවියන්ටත් පිං අනුමෝදන් කරන්න. ඔබේ ග්‍රහ අපල බෙහෙවින්ම සමනය වනු ඇත.
2018 වෘෂභයේ අය - 02, වැය - 14
සුබ දවස්‌ - ඉරිදා, බදාදා, සිකුරාදා
සුබ වර්ණ - සුදු හා ක්‍රීම් පාට
සුබ අංකය - 06


n 03මිථුන
* කාන්තා ඔබට තනතුරු ලාභ.
2018 වසර මිථුන ලග්න ග්‍රහ චාරය අනුව ඔබට මෙසේ බලපානු ඇත.
මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ජන්ම පත්‍රයේ නව වසර ආරම්භයත් සමග පවතින ග්‍රහ චාරයට අනුව ඔබට කාලයක්‌ තිස්‌සේ බලාපොරොත්තු වූ රැකියා ලැබීමේ වාසනාව හිමිවනු ඇත. පවුලේ හෝ හිතවතකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය, ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. අවිවාහක ඔබට මෙම වසර විවාහ යෝජනා ඉදිරිපත් වන වසරක්‌ වනු ඇත. පසුගිය වසර පුරා පැවති බාධා යම් පමණක ඉවත් වෙයි. කාන්තාවන්ට විශේෂයෙන් තනතුරු ලාභ ලැබෙයි. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අඵතින් අරඹන කටයුතු මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය යහපත්ව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.
විවාහය හා ගෘහ ජීවිතය
තමන් පදිංචි ස්‌ථානයේ වෙනසක්‌ සිදුවන වසරකි. එසේම මෙම කාලයේ ඔබ කතාවට දක්‌ෂ වනු ඇත. වචනයේ බලය පෙන්වීමට හොඳ කාලයකි. ගුප්ත විද්‍යාවෙන් වැඩ ගැනීමට බලාපොරොත්තු වන අයට මුල් මාසවලදී ඉතා යහපත් ප්‍රතිඵල ලැබෙන කාල සීමාවක්‌ වනු ඇත. ඔබගේ බාල සහෝදරයෙකුට උසස්‌ වීමක්‌ ලැබීමට අවස්‌ථා උදාවනු ඇත. මෙම නව වසර විවාහ අපේක්‌ෂිත ඔබට විවාහ සාර්ථක වන වසරකි. විවාහක මිථුන ලග්න හිමියන්ගේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් සිතා බැලීමේදී බොහෝ විට පසුගිය කාලයේ පැවති බාධක හා ගැටලු පහව යනු ඇත. ගේ දොර වාසනාව ඇති වන කාලයකි. උසස්‌ අයගෙන් යහපතක්‌ උදාවන කාලසීමාවකි. පවුලේ දියුණුවට කටයුතු සැලසෙනු ඇත. විශේෂයෙන්ම දරුවන් බලාපොරොත්තු වන මිථුන ලග්න හිමියන් වසරේ මුල් මාස 6 න් පසු එම කටයුතු සම්බන්ධයෙන් උනන්දු වීමෙන් ඔබට යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි වනු ඇත. බොහෝ විට මෙම වසරේ අගෝස්‌තු දක්‌වා කාලය තුළ පෙම්වතුන්ගේ ප්‍රේම සම්බන්ධතා සාර්ථක වන කාලසීමාවකි. වසරේ අග භාගයේ ග්‍රහ ගමන අනුවද අඹු සැමි සතුට හීනවන කාලයකි.
ඔක්‌තෝබර් වලින් පසු කාලය තරුණ වයසේ පසු වන ස්‌ත්‍රීන්ට හා පුරුෂයන්ට ආදර හැඟීම් අතින් යහපත් වූ කාලසීමාවකි. පවුලේ වැඩිහිටියෙකුට අපල තත්ත්වයක්‌ පෙන්නුම් කරයි. මෙම අසුබ තත්ත්වය බෙහෙවින්ම බලපාන්නේ මෙම වසරේ මුල් මාස 6 තුළය.
ධනය හා ලැබීම්
වියදම් වැඩිවන වසරකි. ණය මුදලක්‌ ලබා ගැනීමට සිදුවනු ඇත. නමුත් වසරේ ජූලි සිට නොවැම්බර් දක්‌වා කාලසීමාව මිල මුදල් අතින් යහපත් වූ කාලසීමාවකි. මේ කාලයේ ලොතරැයි වාසනා වැනි ධන ලාභ ලැබීමට අවස්‌ථාවන් උදාවේ. සතුරන්ගෙන් ධන හානි ඇති විය හැකිය. දේපළ හෝ භූමි ලාභයක්‌ හිමි විය හැකිය.
රැකීරක්‌ෂා කටයුතු
සිකුරු, ගුරු දශා අනු දශා ගත කරන මිථුන ලග්න හිමියන්ට නව රැකියා ලාභ හිමිවන වසරකි. රැකියාව හේතු කොටගෙන ආදායම් මාර්ග සරුවන හා පඩි වැඩි වන කාලයකි. මෙම වසර තුළ වෙළෙඳ ව්‍යාපාරවල යෙදෙන මිථුන ලග්න හිමියන්ට එමගින් ලාභ ලැබෙන අතර මෙම වර්ෂය ව්‍යාපාරවලට සුබදායක වසරක්‌ වනු ඇත. කෙසේ වෙතත් රාහු මහ දශා හා අන්තර් දශා ගත කරන හා සෙනසුරු ජන්ම හෝ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක ගතකරන මිථුන ලග්න හිමියන්ට ව්‍යාපාර අතින් එතරම් සුබදායක නොවනු ඇත. අධික ලෙස මුදල් වියදම් කිරීමට සිදුවීම හේතුවෙන් ඒවායින් අලාභ හා පාඩු සිදුවිය හැකිය. එම නිසාවෙන් ඔවුන්ට මිල මුදල් අතින් එතරම් සුබ නොවනු ඇත. හවුලේ කරන රැකියා හෝ ව්‍යාපාර කටයුතුවලින් ද පාඩු සිදුවේ. කලක පටන් කරගෙන ආ රැකී රක්‌ෂාවලට බාධා ඇති වේ. රැකියා ස්‌ථාන මාරු ඇති විය හැකිය.
ශරීර සෞඛ්‍යය
ශරීර සනීපය ඇති වන කාලයකි. උදරාශ්‍රිත රෝග, නිසාවෙන් ඇතිවන්නා වූ සුළු ආබාධ තත්ත්වයන් නිසා අනතුරුවලට මුහුණ පෑමට සිදු වනු ඇත. එය බොහෝ දුරට නොදැනුවත් භාවය නිසා සිදු වෙයි.
අධ්‍යාපනය
මෙම වසර අධ්‍යාපන කටයුතුවලට සුබදායක වසරකි. ඥානය හා බුද්ධිය වැඩි දියුණු වන අතර අමුතු දෙයක්‌ පිළිබඳ ඉගෙනීමටද අවස්‌ථාව ලැබේ. තරග විභාග වලට ඉදිරිපත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එමගින් ජය හිමිවන අතර ඔවුන්ගේ උසස්‌ අධ්‍යාපන අවස්‌ථා පුළුල් වීමටද කටයුතු සැලසේ.
වසරම සුබදායක වීමටත් පවතින ග්‍රහ අපල සමනය වීමටත් -
පුර පක්‌ෂයේ බදාදා දින 09 ක්‌ සවස 6 - 8 අතර හෝ උදෑසන 6 - 7 අතර කාලය තුළ නිල් කටරොළු, රතු නෙළුම් මල් හා විවිsධ වර්ගයේ මල් සමග බෝධි පූජාවන් පවත්වා විෂ්ණු දෙවියන් කතරගම දෙවියන් ප්‍රධාන තම ඉෂ්ට දෙවියන්ට පින් අනුමෝදන් කර පවතින නවග්‍රහ අපල සමනය වේවායි ප්‍රර්ථනා කරන්න.
2018 මිථුනයේ අය - 08, වැය - 11
සුබ දවස්‌ - බදාදා, බ්‍රහස්‌පතින්දා, සිකුරාදා
සුබ වර්ණ - ලා කොළ පාට හා ක්‍රීම් පාට
සුබ අංක - 05
මිථුනයෙන් උපන් අයට පච්ච ගල් පැළඳීම යහපති.


n 04කටක
* ගේදොර ඉඩකඩම් යාන වාහන ලැබීමේ හැකියාව.
2018 වසර කටක ලග්න ග්‍රහචාරය අනුව ඔබට මෙසේ බලපානු ඇත.
කටක ලග්නයෙන් උපන් ඔබගේ ජන්ම පත්‍රයේ නව වසර ආරම්භයත් සමග පවතින ග්‍රහචාරයට අනුව ඔබට මධ්‍යම ප්‍රතිඵලදායක වනු ඇත. කටක ලග්නය හිමි ඔබට වසර ආරම්භය සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නම් එතරම් සුබදායක නොවනු ඇත. නමුත් උදාවන මෙම නව වසර ආර්ථික වෘත්තීය අංශවලින් සාර්ථක ප්‍රතිඵල උදාවන වසරකි.
ගෘහ ජීවිතය
ආදායම් තත්ත්වය මෙම වසර පුරාවට මධ්‍යස්‌ථ මට්‌ටමක පවතී. වැය පක්‌ෂය ඉහළ යන අවස්‌ථා රාශියක්‌ම උදා වනු ඇත. විශේෂයෙන් වසරේ මුල් මාස 07 තුළ තමාගේ මවට, පියාට සුබඵල උදාකරනු ඇත. නව ව්‍යාපාර ආරම්භ කිරීමට වසරේ මුල් මාස 03 තුළ සුබදායක වනු ඇත. මෙම වසර ඔබගේ නෑදෑ හිතවතුන් ඔබට වඩාත් සමීපවන වසරකි. හිතමිතුරන් ඔබ හා එක්‌වන වසරකි. වන්දනා ගමන් මෙන්ම විදේශ සංචාරද වසරේ මුල් මාස 07 තුළ හිමිවනු ඇත. වසරේ මුල් මාස තුන තුළ පවුල් ජීවිතය ආශ්‍රිතව යම් යම් ගැටලු මතු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එසේම ඔබගේ ලග්නයට බාධක ග්‍රහයෙකු වන ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා පසුගිය වසරේ ඔක්‌තෝබර් 26 වැනිදා සිට ලග්නයෙන් 6 වැන්නේ සම රාශිගතව ගමන් කිරීම මත යම් පමණක ඔබගේ දරුඵල සඳහා පැවති බාධාකාරී තත්ත්ව වසරේ මුල් මාස 03 තුළ පහව යනු ඇත. සාමාන්‍ය අනතුරු තත්ත්වයන්, ඇළ දොළ ගංගාවලදී සිදුවන අනතුරු තත්ත්ව හා රථවාහන අනතුරු තත්ත්ව ඇති විය හැකිය. වසරේ මුල් මාස 03 න් පසුව විවාහ කටයුතු සඳහා අවස්‌ථාවන් උදාවනු ඇත. මෙම වසරේ මුල් මාස 06 තුළ කටක ලග්න හිමි පෙම්වතුන්ට නම් සුබදායක වනු ඇත.
ධනය
ගේ දොර ඉඩකඩම් යාන වාහන ලැබීමේ හැකියාව වසරේ මුල් මාස 06 තුළ කැපී පෙනෙන ලෙස උදාවනු ඇත. ව්‍යාපාරවලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප්‍රතිඵලද උදාවනු ඇත. මුදල් ණයට දීමේදී ප්‍රවේශම් විය යුතු අතර, ඔබ ඉල්ලා ඇති ණය මුදලක්‌ වසර මුලදීම ලැබෙනු ඇත. ලොතරැයි ලාභ හා භූමි ලාභ ඉටුවන වසරකි. ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එළඹෙන 2018 මැද භාගය දක්‌වා ගුරු හෙවත් බ්‍රහස්‌පති ඔබගේ ලග්නයෙන් 4 වැන්නේ හෙවත් ගෘහ ස්‌ථානයේ තුලා රාශි ගතව ගමන් කිරීම ඔබට ධන සම්පත් අතින් මෙම වසර ආරම්භයත් සමඟ කැපී පෙනෙන සුබ දායක තත්ත්වයකි. මැණික්‌ ව්‍යාපාර හෝ භූමිය ආශ්‍රිත ව්‍යාපාර කරන ඔබට මෙම වර්ෂය මධ්‍යම ප්‍රතිඵල උදාකරනු ඇත. ඉදිකිරීම් කර්මාන්තවල යෙදෙන කටක ලග්න හිමියන්ට මෙම වසර එතරම් සුබදායක නොවනු ඇත. ගොවිතැන් කටයුතු කරන කටක ලග්න හිමියන්ට මෙම වසර එම ගොවිතැන් කටයුතු සඳහා යහපත් වූ වසරකි. ලොතරැයි වාසනා හිමි වීමේ අවස්‌ථා උදාවනු ඇත.
අධ්‍යාපනය හා රැකියාව
විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවල නිරත අයටත්, වසරේ මුල් මාස 07 තුළ එතරම් යහපත් ප්‍රතිඵල උදා නොවනු ඇත. ඉන්පසු වසරේ ඉතිරි මාස කීපය සුබ දායක වනු ඇත. උසස්‌ අධ්‍යාපන කටයුතුවල නිරත ඔබටත් සුබදායක බලාපොරොත්තු තබාගත හැක්‌කේ වසරේ මුල් මාස 07 න් පසුවයි. නව වසරේ රැකියා බලාපොරොත්තු වන ඔබගේ එම කටයුතු සාර්ථක වන අතර රැකියා ස්‌ථාන මාරු හා නව රැකියා සඳහා ද අවස්‌ථාවන් උදාවනු ඇත. විශේෂයෙන් ඔබ ජලයෙන් පරිස්‌සම් විය යුතු වසරකි. ඒ පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුය. විදේශ රැකියා වාසනාව හිමිය.
සෞඛ්‍ය තත්ත්වය
උෂ්ණාධික රෝගාබාධ මෙන්ම සෙම් ආශ්‍රිත රෝග, යටි බඩ ආශ්‍රිත ආබාධ, තුනටියේ හා අත් පයවල ආබාධ, ස්‌නායු ආබාධ, තුවාල වැළඳීමේ අවදානමක්‌ වසරේ මුල් මාස 06 තුළ පවතී. සතුරු කරදර උදාවිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
වසරම සුබදායක වීමටත් පවතින ග්‍රහ අපල සමනය වීමටත් -
පුර පක්‌ෂයේ සඳුදා දින 07 ක්‌ සවස 8 - 9 අතර හෝ උදෑසන 6 - 7 අතර කාලය තුළ කහපාට මල් හා නිල් කටරොළු මල් ඇතුළු විවිධ වර්ගයේ මල් සුවඳ දුම් සමග පූජාකොට බෝධි පූජාවන් පවත්වා පත්තිනි මෑණියන්, සුමන සමන් දෙවියන් ප්‍රධාන තම ඉෂ්ට දෙවියන්ට පින් අනුමෝදන් කර පවතින නවග්‍රහ අපල සමනය වේවායි ප්‍රර්ථනා කරන්න. අසරණ අයට දානමාන දෙන්න. නිවසේ කිරි දානයක්‌ දීම ඉතාම යහපත් වනු ඇත. කටකයෙන් උපන් අයට මුතු පැළඳීම යහපති.
2018 කටකයේ අය - 02, වැය - 08
ජය වර්ණය - රන්වන් පාට
ජය අංකය - 04
ජය දිශාව - උතුර
ජය අකුර - ග


n 05සිංහ
* ලොතරැයි ලාභ හා භූමි ලාභ ඉටුවන වසරකි.
2018 නව වසර සිංහ ලග්න ග්‍රහචාරය අනුව ඔබට මෙසේ බලපානු ඇත.
බදාදා වාසනාවන්ත දිනයකි. සිකුරාදා ධනය ලැබේ. අඟහරුවාදා / සෙනසුරාදා හා ඉරිදා අශුභ වෙයි. සඳුදා මිතුරන් හමුවීම හා මිතුරන් හා ගනුදෙනුවලට සුබ වෙයි. එසේම මෝටර් රථ මිලදී ගැනීමට හා ව්‍යාපාරවලට මුදල් යෙදවීමට හා ප්‍රේම සම්බන්ධතාවලටද ඉතා සුබ වේ.
ගෘහ ජීවිතය
සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ජන්ම පත්‍රයේ නව වසර ආරම්භයත් සමඟ පවතින ග්‍රහචාරයට අනුව ලග්නාධිපති රවි, සිකුරු හා ශනි සමඟින් ඔබගේ ලග්නයෙන් 5 වැන්න හෙවත් පූර්ව පුණ්‍යස්‌ථානයේ ගමන් කරන අතර ලග්නාධිපති රවි, සිකුරු හා ශනි සමගින් යෝගව බලවත්ව එම ස්‌ථානයේ ගමන් කිරීම මත ඔබට මෙම වසර ආරම්භය ඔබගේ අධ්‍යාපන කටයුතු ඇතුඵ සියලු කාර්යයන් සඳහා සුබදායක වනු ඇත. පෙර පින මතුවන වසරකි. සඳු 11 වැන්නේ ගමන් කිරීම මත ඔබගේ අය පක්‌ෂය ඉහළ යන අවස්‌ථාද බහුලව උදාවනු ඇත. බුධ 4 වැන්නේත්, ගුරු හා අඟහරු 3 වැන්නේත් රාහු 12 වැන්නේ හා කේතු 6 වැන්නේ ගමන් කිරීම මත සුබ හා අසුභ සම සමව උදාවන වසරකි. වසරේ මුල් මාස තුන තුළ පවුල් ජීවිතය ආශ්‍රිතව යම් යම් ගැටලු මතු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. වසරේ මුල් මාස 09 න් පසුව විවාහ කටයුතු සඳහා අවස්‌ථාවන් වනු ඇත. මෙම වසරේ මුල් මාස 06 තුළ සිංහ ලග්න හිමි පෙම්වතුන්ට ඉතා සුබදායක වනු ඇත. මැණික්‌ ව්‍යාපාර හෝ භූමිය ආශ්‍රිත ව්‍යාපාර කරන ඔබට මෙම වර්ෂය මධ්‍යම ප්‍රතිඵල උදා කරනු ඇත. රෙදි කර්මාන්තවල යෙදෙන සිංහ ලග්න හිමියන්ට මෙම වසර එතරම් සුබදායක නොවනු ඇත. ගොවිතැන් කටයුතු කරන සිංහ ලග්න හිමියන්ට මෙම වසර එම ගොවිතැන් කටයුතු සඳහා ඉතාමත් යහපත් වූ වසරකි. සාමාන්‍ය අනතුරු තත්ත්වයන්, ඇළ දොළ ගංගාවලදී සිදුවන අනතුරු තත්ත්ව හා රථවාහන අනතුරු තත්ත්ව ඇති විය හැකිය. එසේම ඔබගේ ලග්නයට බාධක ග්‍රහයා වන අඟහරු වසර ආරම්භයේදී ලග්නයෙන් 3 වැන්නේ ගුරු සමඟින් ගමන් කිරීම එතරම් සුබදායක නැත. සහෝදරයන්ගෙන් බාධා එල්ල විය හැකිය. පසුගිය 2017 ඔක්‌තෝබර් 26 දක්‌වා ශනි හෙවත් සෙනසුරු ලග්නයෙන් 4 වැන්නේ සතුරු රාශිගතව ගමන් කිරීම මත යම් පමණක ගේදොර ඉඩකඩම් ආශ්‍රිත කටයුතු කෙරෙහි පැවති බාධාකාරී තත්ත්ව මෙම නව වසර උදාවත් සමඟ පහව යනු ඇත. ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එළඹෙන 2018 ඔක්‌තෝබර් මාසය දක්‌වා ගුරු හෙවත් බ්‍රහස්‌පති ඔබගේ ලග්නයේ 3 න් වැන්නේ ගමන් කිරීම ඔබට මෙම වසර ආරම්භයත් සමඟ කැපී පෙනෙන බාධාකාරී තත්ත්වයකි. එමනිසා ගේ දොර ඉඩකඩම් යාන වාහන ලැබීමේ හැකියාව වසරේ මුල් මාස 06 තුළ උදාවුවත් ඒ සඳහා බාධාකාරී තත්ත්ව උදාවනු ඇත. විශේෂයෙන් විදේශ අධ්‍යාපන කටයුතුවල නිරත අයටත් දරුඵල බලාපොරොත්තු වන අයටත් වසරේ මුල් මාස 03 තුළ එතරම් යහපත් ප්‍රතිඵල උදා නොවනු ඇත. ඉන්පසු වසරේ ඉතිරි මාස කීපය සුබදායක වනු ඇත.
රැකියා හා වෘත්තීය කටයුතු
නව වසරේ රැකියා බලාපොරොත්තු වන ඔබගේ එම කටයුතු සාර්ථක වන අතර රැකියා ස්‌ථාන මාරු හා නව රැකියා සඳහා ද අවස්‌ථාවන් උදාවනු ඇත. විශේෂයෙන් වසරේ මුල් මාස 04 තුළ තමාගේ පියාට සුබඵල උදා කරනු ඇත. නව ව්‍යාපාර ආරම්භ කිරීමට වසරේ මුල් මාස 03 තුළ සුබදායක වනු ඇත. මෙම වසර ඔබගේ නෑදෑ හිතවතුන් ඔබට වඩාත් සමීප වන වසරකි. හිතමිතුරන් ඔබ හා එක්‌වන වසරකි. වන්දනා ගමන් මෙන්ම විදේශ සංචාරද වසරේ මුල් මාස 05 තුළ හිමි වනු ඇත. ව්‍යාපාරවලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප්‍රතිඵල උදා වනු ඇත. මුදල් ණයට දීමේදී ප්‍රවේශම් විය යුතු අතර, ඔබ ඉල්ලා ඇති ණය මුදලක්‌ වසර මුලදීම ලැබෙනු ඇත. ලොතරැයි ලාභ හා භූමි ලාභ ඉටුවන වසරකි.
අධ්‍යාපනය
උසස්‌ අධ්‍යාපන කටයුතුවල නිරත ඔබටත් සුබදායක බලාපොරොත්තු තබාගත හැක්‌කේ වසරේ මුල් මාස 06 න් පසුවයි. වෘත්තීය හා පරිගණක අංශවලින් අධ්‍යාපන කටයුතු කරන අයට යහපත් අතර වසරේ මුල් මාස 6 තුළ එම අධ්‍යාපන කටයුතුවලටද බාධා ඇති වනු ඇත.
සෞඛ්‍ය තත්ත්වය
විශේෂයෙන් ඔබ විදුලියෙන්, ජලයෙන් පරිස්‌සම් විය යුතු වසරකි. ඒ පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුය. උෂ්ණාධික රෝගාබාධ මෙන්ම සෙම් ආශ්‍රිත රෝග, යටිබඩ ආශ්‍රිත ආබාධ, තුනටියේ හා අත් පයවල ආබාධ, ස්‌නායු ආබාධ, තුවාල වැළඳීමේ අවධානමක්‌ වසරේ මුල් මාස 06 තුළ පවතී. ආදායම් තත්ත්වය මෙම වසර පුරාවට මධ්‍යස්‌ථ මට්‌ටමක පවතී.
සිංහයෙන් උපන් අයට තනි රතු, දියමන්ති පැළඳීම යහපති.
සිංහ ලග්නයේ ඔබගේ එළඹෙන නව වසරම සුබ දායක වීමටත් පවතින ග්‍රහ අපල සමනය වීමටත් -
පුර පක්‌ෂයේ ඉරිදා දින 09 ක්‌ සවස 8 - 9 අතර හෝ උදෑසන 6 - 7 අතර කාලය තුළ සුදු හා රතු මල් හා විවිධ වර්ගයේ මල් සමඟ බෝධි පූජාවන් පවත්වා ඊශ්වර දෙවියන් ප්‍රධාන තම ඉෂ්ට දෙවියන්ට පින් අනුමෝදන් කර පවතින රවි ඇතුළු නවග්‍රහ අපල සමනය වේවායි ප්‍රාර්ථනා කරන්න.
2018 සිංහ ලග්නයේ අය - 05, වැය - 05
වසරේ ජය වර්ණය - රතු හා කොළ පාට
වසරේ ජය අංකය - 05
වසරේ ජය දිනය - සිකුරාදා


n 06කන්‍යා
* ව්‍යාපාරවලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප්‍රතිඵල උදාවනු ඇත.
2018 නව වසර, කන්‍යා ලග්න ග්‍රහ චාරය අනුව, ඔබට මෙසේ බලපානු ඇත.
ගෘහ ජීවිතය
කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ජන්ම පත්‍රයේ නව වසර ආරම්භයත් සමඟ පවතින ග්‍රහචාරයට අනුව ලග්නාධිපති බුධ ඔබගේ ලග්නයෙන් 3 වැන්නේ ගමන් කිරීමත්, ගුරු හා කුජ 2 වැන්නේත්, කේතු 05 වැන්නේත් සෙනසුරු, රවි හා සිකුරු සමගින් 4 වැන්නේත් ගෝචර ගමනක යෙදීම මත ඔබට මෙම නව වසර යහපත් හා ප්‍රතිඵලදායක වනු ඇත. සිකුරු වසර ආරම්භයේම 4 වැන්නේ ගමන් කිරීම නිවාස කටයුතු බලාපොරොත්තු ඔබට බෙහෙවින් සුබදායක වනු ඇත. ඔබ ඉල්ලා ඇති ණය මුදලක්‌ වසර මුලදී ලැබෙනු ඇත. ලොතරැයි ලාභ හා භූමි ලාභ යම් පමණකට ඉටුවන වසරකි. වසරේ මුල් මාස 06 යෙන් පසුව විවාහ කටයුතු සඳහා අවස්‌ථාවන් උදා වනු ඇත. මෙම වසරේ මුල් මාස 03 තුළ කන්‍යා ලග්න හිමි පෙම්වතුන්ට නම් සුබදායක නොවනු ඇත. මැණික්‌ ව්‍යාපාර හෝ භූමිය ආශ්‍රිත ව්‍යාපාර කරන ඔබට මෙම වර්ෂය මධ්‍යම ප්‍රතිඵල උදාකරනු ඇත. ඉදිකිරීම් කර්මාන්තවල යෙදෙන කන්‍යා ලග්න හිමියන්ට මෙම වසර සුබදායක වනු ඇත. පසුගිය වසරක්‌ පුරාවට ඔබට පැවති නීති අංශවල ගැටලු මෙම උදාවන 2018 නව වසරත් සමඟින් බොහෝ දුරට විසඳී යනු ඇත. දරුඵල බලාපොරොත්තු වන අයටත් නව වසරේ යහපත් ප්‍රතිඵල උදාවනු ඇත. ආදායම් තත්ත්වය මෙම වසර පුරාවට මධ්‍යස්‌ථ මට්‌ටමක පවතී. වැය පක්‌ෂය ඉහළ යන අවස්‌ථා රාශියක්‌ම උදාවනු ඇත. විශේෂයෙන් වසරේ මුල් මාස 06 තුළ තමාගේa මවට, පියාට වැඩි වශයෙන් සුබඵල උදාකරනු ඇත. නමුත් වැඩිමහල් සහෝදරයන්ට අපලය. නව ව්‍යාපාර ආරම්භ කිරීමට වසරේ මුල් මාස 04 න් පසු සුබදායක වනු ඇත. මෙම වසර ඔබගේ නෑදෑ හිතවතුන් ඔබගෙන් ඈත්වන වසරකි. හිතමිතුරන්ද ඔබ හා අමනාප වන අතර ඒ තුළින් ඔබට පාඩු සිදුවන වසරකි. විශේෂ වන්දනා ගමන් මෙන්ම විදේශ සංචාරද වසරේ මුල් මාස 04 න් පසු හිමිවනු ඇත. වසරේ මුල් මාස කීපය තුළ පවුල් ජීවිතය ආශ්‍රිතව යම් යම් ගැටලු මතු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ඔබට මෙම වසරේ මුල් මාස 06 තුළ නීතිය සම්බන්ධ කටයුත්තකට මුහුණ දීමට සිදු විය හැකිය. ඒ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වනු ඇත. සාමාන්‍ය අනතුරු තත්ත්වයන්, ඇළ දොළ ගංගාවලදී සිදුවන අනතුරු තත්ත්ව හා රථවාහන අනතුරු තත්ත්ව ඇති විය හැකිය. එසේම ඔබගේ ලග්නයට බාධක ග්‍රහයා වන බ්‍රහස්‌පති හෙවත් ගුරු ග්‍රහයා එළඹෙන 2018 ඔක්‌තෝම්බර් මාසය දක්‌වා ලග්නයෙන් 2 වැන්නේ හෙවත් ධනස්‌ථානයේ ගමන් කිරීම මත ආදායම් තත්ත්වයට බාධාකාරී තත්ත්ව වසරේ මුල් මාස 04 තුළ වරින් වරට මතු විය හැකිය. ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. පසුගිය 2017 ඔක්‌තෝබර් මාසය දක්‌වා ශනි හෙවත් සෙනසුරු ඔබගේ ලග්නයෙන්
3 වැන්නේ හෙවත් වික්‍රමස්‌ථානයේ සතුරු රාශිගතව ගමන් කිරීම මත ඔබට තිබූ බාධාකාරී තත්ත්ව මෙම වසර ආරම්භයත් සමග කැපී පෙනෙන ලෙස අඩුවීම සුබදායක තත්ත්වයකි. ගේදොර ඉඩකඩම් යාන වාහන ලැබීමේ හැකියාව වසරේ මුල් මාස 06 පසු උදාවනු ඇත. අගෝස්‌තුවෙන් පසු ව්‍යාපාරවලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප්‍රතිඵල උදාවනු ඇත. මුදල් ණයට දීමේදී ප්‍රවේශම් විය යුතු අතර, දේශපාලනයේ නිරත කන්‍යා ලග්න හිමියන්ට මෙම වසර ඉතාම යහපත් වසරක්‌ වනු ඇත.
අධ්‍යාපනය
විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවල නිරත අයටත් පරිගණක හා තාක්‌ෂණ අංශවල නිරත අයටත් මෙම වසර සුබදායක වනු ඇත. උසස්‌ අධ්‍යාපන කටයුතුවල නිරත ඔබට නම් සුබදායක බලාපොරොත්තු තබාගත හැක්‌කේ වසරේ මුල් මාස 03 න් පසුවයි. විදේශ ගත අධ්‍යාපන කටයුතු කරන කන්‍යා ලග්න හිමියන්ට මෙම වසර එම කටයුතු සඳහා යහපත් වූ වසරකි. තමා විසින් මහන්සියෙන් උපයාගත් දෙයින් සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැකිය.
රැකියා හා වෘත්තීය කටයුතු
නව වසරේ රැකියා බලාපොරොත්තු වන ඔබගේ එම කටයුතු අගෝස්‌තුවෙන් පසු සාර්ථක වන අතර රැකියා ස්‌ථාන මාරු හා නව රැකියා සඳහා ද අවස්‌ථාවන් උදා වනු ඇත. මෙම නව වසර විශේෂයෙන් ඔබ විරුද්ධවාදීන් ගෙන් පරිස්‌සම් විය යුතු වසරකි. ඒ පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුය. ස්‌වයං රැකියා කටයුතුවලට හා රාජ්‍ය අංශයේ රැකියාවල නිරත අයට යහපත් වසරකි.
ශරීර සෞඛ්‍යය
උෂ්ණාධික රෝගාබාධ මෙන්ම සෙම් ආශ්‍රිත රෝග, හෘදය ආශ්‍රිත ආබාධ, තුනටියේ හා අත් පයවල ආබාධ, ස්‌නායු ආබාධ, තුවාල වැළඳීමේ අවධානමක්‌ වසරේ මුල් මාස 04 තුළ පවතී.
කන්‍යාවෙන් උපන් අයට ලා රතු හෝ ලා පාට ගල්, පත්ම රාග පැළඳීම යහපත් වේ.
කන්‍යා ලග්න ඔබගේ උදාවන නව වසරම සුබදායක වීමටත් පවතින ග්‍රහ අපල සමනය වීමටත් - පුර පක්‌ෂයේ බදාදා දින 09 ක්‌ සවස 8 - 9 අතර හෝ උදෑසන 6 - 7 අතර කාලය තුළ නිල් මානෙල් මල් හා නිල් කටරොළු මල් ඇතුළු විවිධ වර්ගයේ මල්, සුවඳ දුම් සමඟ බෝධි පූජාවන් පවත්වා කතරගම දෙවියන් සුමන සමන් දෙවියන් ප්‍රධාන තම ඉෂ්ට දෙවියන්ට පින් අනුමෝදන් කර පවතින නවග්‍රහ අපල සමනය වේවායි ප්‍රාර්ථනා කරන්න.
2018 කන්‍යා ලග්නයේ අය - 08, වැය - 11
සුබ පාට - කොළ හා කහ වර්ණ සුබ වේ.
සුබ දිශාව - උතුර
සුබ අංකය - 06


n 07තුලා
2018 වසරේ තුලා ලග්නයේ ග්‍රහ ගෝචරය
* ඒරාෂ්ටක අපල නිම වූ යහපත් වසරකි.
ග්‍රහ ගෝචරය
ලග්නාධිපති සිකුරු ග්‍රහයා එළඹෙන 2018 වර්ෂයේ ආරම්භයේදී රවි හා ශනි සමග ලග්නයෙන් 3 වැන්නේ හෙවත් වික්‍රමස්‌ථානයේද, කුජ හා ගුරු ලග්නයේද තැන්පත් වෙද්දී සඳු පුණ්‍යස්‌ථානය හෙවත් 9 වැන්නේද, කේතු 4 වැන්න හෙවත් මාතෘ ස්‌ථානයේද, රාහු 10 වැන්න එනම් කර්මස්‌ථානය හෙවත් රැකී රක්‌ෂා ස්‌ථානයේද තැන්පත්ව සිට උදාවන්නා වූ 2018 නව වර්ෂය ආරම්භ වනු ඇත. මෙම වර්ෂය ඔබට මිශ්‍රඵල උදාවන්නා වූ වසරකි. පසුගිය 2017 ඔක්‌තෝබර් 26 සිට ලග්න ඒරාෂ්ඨකය අවසන් වූ පසුගිය වසරට වඩා බොහෝ අංශවලින් ඔබට මෙම වසර සුබදායක වනු ඇත.
පොදු ලක්‌ෂණ
තුලා ලග්නයෙන් උපන් ඔබ ආගමට දහමට මෙන්ම දැනුමට හා බුද්ධියට ලැදි කෙනෙකු විය යුතුය. පහසුවෙන් මිතුරුකම් ඇති කර ගන්නා චරිතයකි. නමුත් ඔබ විටෙක සිතේ ස්‌ථීර ගතිය අඩු කෙනෙකු විය හැකිය. බොහෝ විට සාමාන්‍ය සිරුරකින් යුතු විය හැකිය. ඇවිදීමට ප්‍රිය චරිතයකි. අත්පා ඇඟිලි දිගු විය හැකිය. බොහෝ විට ඇසූ පිරූ තැන් ඇති අයෙකු ලෙස සමාජයේ හැසිරෙයි. ඔබ සමාජයට හිතවත්ය.
ගේ දොර හා සාමාන්‍ය ජීවිතය
වසර ආරම්භයේදීම පදිංචිය පිළිබඳ ගැටලු පැන නැඟීමට හැකියාව පවතී. නමුත් උගත් වැඩිහිටි අයගේ උපදෙස්‌ මත ඒවා විසඳා ගැනීමට අවස්‌ථාව උදාවේ. මුල් මාස 3 ක කාලසීමාව තුළ නඩු හබවලින් නිදහස්‌ වීමේ අවස්‌ථා උදාවෙයි. විවිධාකාරයේ ගිවිසුම්වලට එළඹීමේ අවස්‌ථාවද මෙම කාල සීමාව තුළ උදා වනු ඇත. හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. විදේශ ගමන් සඳහා ඔබට නව වසර තුළ යහපත් අවස්‌ථා උදා නොවේ. ඇස්‌වහ කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවණතාවක්‌ ඇත. මුල් මාස 6 ක කාලය රෙදිපිළි හා වස්‌තු ලාභ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්‌ථාව ලැබෙන අතර මෙම කාලයේ දී ප්‍රනීත රසමුසු ආහාරද විටින් විට ලැබීමට හැකියාව පවතී. ණය මුදලකින් නිදහස්‌ වීමටද අවුරුද්දේ මුල් මාස 3 ඇතුළත අවස්‌ථාවක්‌ උදාවනු ඇත. ජනවාරි සිට ජුනි අතර කාලයේදී ස්‌ත්‍රීන්ට පුරුෂයන්ගෙන්ද, පුරුෂයන්ගෙන් ස්‌ත්‍රීන්ටද ලාභ ලැබෙන කාලයක්‌ වනු ඇත. 2018 වර්ෂයේ මැද භාගයේදී පවුලේ වැඩිහිටියෙකුට ප්‍රබල අපල තත්ත්වයක්‌ පෙන්නුම් කරයි. රන්, රිදී, මුතු මැණික්‌ වැනි අලුත් ආභරණ ලැබීමේ අවස්‌ථාව උදා වේ. වෙහෙස මහන්සිය ඇති ගමන් බිමන් යැමට සිදු වේ. අවුරුද්දේ මුල් මාස 6 ක කාලය තුළ තම මවට හෝ පියාට අපලදායක කාලසීමවක්‌ උදාවෙයි. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ට යහපත් හා බුද්ධිමත් දරුවන් ලැබෙන අතර ඒ තුළින් පවුලේ පිරිස්‌ බලය වැඩි වේ. උත්සව පවත්වන්නට හෝ උත්සව වලට සහභාගී වීමට වසරේ මුල් මාස 6 තුළ විවිධාකාරයෙන් අවස්‌ථාවන් උදාවනු ඇත. ගේදොර කෑම බීම ඇතුළු අවශ්‍ය උපකරණ ආදියෙන් එතරම් අගහිඟකම් මතු නොවනු ඇත. වසරේ මුල් කාලය තුළ ඔබගේ නෑදෑ හිත මිතුරන් ඔබ සොයා පැමිණෙන අතර ඔවුන්ගේ උදව් උපකාර ඔබට නිතැතින්ම හිමිවනු ඇත. සතුරන් ඇති නොවන සතුරන්ගෙන් ජයලබන කාලයකි. වසරේ ජුලි මාසයෙන් පසු කාලවලදී තම නිවසින් පිටස්‌තරව වාසය කිරීමට සිදුවන අතර නඩු හබ හා නීති කටයුතුවලින් පරාජයට පත් විය හැකිය. හදි හූනියම් වැනි දෝෂ නිසා තමන් වාසය කරන නිවසේ කලඑළිය අඩුවීමටද හැකියාව පවතී. ස්‌ථීර නිවෙස්‌වලින් ඈත් වී තාවකාලික නිවෙස්‌වල පදිංචියේ යෙදීමට අවස්‌ථාව උදාවනු ඇත.
විවාහය හා ගෘහ ජීවිතය
වසරේ මුල් මාස 6 ක කාලසීමාව තුළදී අවිවාහක ඔබට මංගල යෝජනා උදාවීමට අවස්‌ථාව යෙදේ. විවාහක තුලා ලග්න හිමියන්ගේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් සිතා බැලීමේදී බොහෝ විට නිතරම සතුටුදායක සිනාමුසු මුහුණින් සිටීමට අවස්‌ථාවන් උදාවනු ඇත. පස්‌කම් සැප හා විවාහ සැප ලැබෙන කාලයකි. ගේ දොර වාසනාව ඇතිවන කාලයකි. උසස්‌ අයගෙන් යහපතක්‌ උදාවන කාලසීමාවකි. පවුලේ දියුණුවට කටයුතු සැලසෙනු ඇත. පස්‌කම් සැප හා විවාහ සැප ලැබෙන කාලයකි. විශේෂයෙන්ම අවිවාහක තුලා ලග්න හිමියන් වසරේ මුල් මාස 6 තුළ එම කටයුතු සම්බන්ධයෙන් උනන්දු වීමෙන් ඔබට යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි වනු ඇත. බොහෝ විට මෙම කාලය තුළ පෙම්වතුන්ගේ ප්‍රේම සම්බන්ධතා සාර්ථක වන කාලසීමාවකි. තරුණ වයසේ පසුවන ස්‌ත්‍රීන්ට හා පුරුෂයන්ට ආදර හැඟීම් අතින් යහපත් වූ කාලසීමාවකි. මෙම තත්ත්වය බෙහෙවින්ම බලපාන්නේ මෙම වසරේ මුල් මාස 6 ය තුළය. වසරේ අග භාගයේ ග්‍රහ ගමන අනුව අඹුසැමි සතුට හීනවන කාලයකි.
ධනය හා ලැබීම්
මෙම වර්ෂය ආරම්භයේදී ඔබට මිල මුදල් හා ධන ලාභවලින් සුබදායක වනු ඇත. වසරේ මුල් මාස 6 ක කාලය ධන ලාභ ලැබෙන කාලයකි. නමුත් විටින් විට අධික වියදම් හා ප්‍රබල ධන හානිද මෙම වසර පුරාවටම ඔබට යම් යම් අවස්‌ථාවල ඇති විය හැකිය. ඒ පිළිබඳව නිතරම අවධානය යොමු කිරීම හා බුද්ධිමත්ව කටයුතු කිරීම නුවණට හුරුය. වසරේ ජනවාරි සිට ජූලි දක්‌වා කාලසීමාව මිල මුදල් අතින් යහපත් කාලසීමාවකි. ලොතරැයි වාසනා වැනි ධන ලාභ ලැබීමට අවස්‌ථාවන් උදා වේ. මෙම කාලයේ ඔබ කතාවට දක්‌ෂ වනු ඇත. වචනයේ බලය පෙන්වීමට හොඳ කාලයකි. ගුප්ත විද්‍යාවෙන් වැඩ ගැනීමට බලාපොරොත්තු වන අයට මුල් මාසවලදී ඉතා යහපත් ප්‍රතිඵල ලැබෙන කාල සීමාවක්‌ වනු ඇත. ඔබගේ බාල සහෝදරයෙකුට උසස්‌ වීමක්‌ ලැබීමට අවස්‌ථා උදා වනු ඇත.
රැකී රක්‌ෂා කටයුතු
රැකීරක්‍ෂාවල උසස්‌ වීම් මෙන්ම නව රැකියා අවස්‌ථා ලැබෙන කාලයකි. නමුත් වසර අග කාලසීමාව තුළ තමා රැකියාව කරන ස්‌ථානයේ යම් යම් මානසික පීඩා ඇතිවන ආකාරයේ සිද්ධීන් උදාවිය හැක. විශේෂයෙන් සමාජයෙන් ගරු නාම ලැබෙන අතර සමාජයේ පිළිගැනීමක්‌ ඇති වේ. රැකියාව හේතු කොටගෙන ආදායම් මාර්ග සරු වන හා පඩි වැඩි වන කාලයකි. මෙම වසර තුළ වෙළෙඳ ව්‍යාපාරවල යෙදෙන තුලා ලග්න හිමියන්ට එමගින් ලාභ ලැබෙන අතර මෙම වර්ෂය ව්‍යාපාරවලට සුබදායක වසරක්‌ වනු ඇත. කෙසේ වෙතත් රාහු මහ දශා හා අන්තර් දශා ගත කරන හා සෙනසුරු ජන්ම හෝ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක ගත කරන තුලා ලග්න හිමියන්ට ව්‍යාපාර අතින් එතරම් සුබ දායක නොවනු ඇත. අධික ලෙස මුදල් වියදම් කිරීමට සිදුවීම හේතුවෙන් ඒවායින් අලාභ හා පාඩු සිදුවිය හැකිය. එම නිසාවෙන් ඔවුන්ට මිල මුදල් අතින් එතරම් සුබ නොවනු ඇත. හවුලේ කරන රැකියා හෝ ව්‍යාපාර කටයුතුවලින් ද පාඩු සිදුවේ. එසේම රාහු මහ දශා හා අන්තර් දශා ගතකරන හා සෙනසුරු ජන්ම හෝ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක ගතකරන තුලා ලග්න හිමියන්ට රැකීරක්‌ෂා සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඇති වනු ඇත. කලක පටන් කරගෙන ආ රැකී රක්‌ෂාවලට බාධා ඇති වේ.
ශරීර සෞඛ්‍යය
2017 ඔක්‌තෝබර් 26 වැනිදා සිට සෙනසුරු ග්‍රහයා ඔබේ තුලා ලග්නයේ 3 වැන්නට හෙවත් ධනු රාශියට පැමිණේ. 3 වැන්න වනාහී තුලා ලග්නය හිමි ඔබගේ ජන්ම පත්‍රයේa වික්‍රමස්‌ථානයයි. ඔබට මෙම වසර සෞඛ්‍ය අතින් නම් සතුටුදායක යහපත් කාලයක්‌ වනු ඇත. ශරීර සනීපය ඇති වන කාලයකි. ශරීරයේ බර වැඩිවේ. උදරාශ්‍රිත රෝග ආහාර ජීර්ණ පද්ධතියේ විවිධ ආබාධ, වසංගත රෝග, නිදන්ගත රෝගාබාධ, හෘදයේ තදබල තිගැස්‌සීම් නිසාවෙන් ඇතිවන්නා වූ ආබාධ තත්ත්වයන් නිසා අනතුරුවලට මුහුණපෑමට සිදුවනු ඇත. එම තත්ත්වයන් මෙන්ම ආහාර විෂ වීSම්, 2017 වර්ෂයේ ඔක්‌තෝබර් 26 වැනිදා සිට ශරීරයේ අස්‌ථි පද්ධතියට අධිපති ග්‍රහයා වන සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා සම රාශි ගතව 3 වැන්නේ ගමන් කිරීම හේතුවෙන් ශරීරයේ අස්‌ථීන්ට පීඩා ඇති කිරීමට හැකියාව ඇත. එය බොහෝ දුරට අනතුරු තත්ත්වයන් මත සිදු විය හැකිය. ඒ පිළිබඳව සැලකිළිමත් වන්න. ඔබගේ උත්පත්ති ජන්ම පත්‍රයේ 4 හා පහ අධිපති සෙනසුරු නීච වී සතුරු වී හෝ අයහපත් කුජගේ දෘෂ්ටියට ලක්‌වීම තුලා ලග්න හිමි ඔබට බෙහෙවින්ම අපලදායක වනු ඇත. හදිසි අනතුරු ඇති වීම මාරාන්තික රෝගාබාධ නිසා රෝහල්ගත වීමට, ශල්‍ය කර්මවලට ලක්‌ වීමට පවා සිදුවිය හැකිය. විශේෂයෙන්ම මෙම කාලය තුළ තදබල ලෙස පාදවලට අනතුරු ඇති විය හැකිය. යාන වාහන පැදවීමේදී ඉතාමත් පරිස්‌සම් විය යුතු කාලයකි.
අධ්‍යාපනය
ඥානය හා බුද්ධිය වැඩිදියුණු වන අතර අමුතු දෙයක්‌ පිළිබඳ ඉගෙනීමටද අවස්‌ථාව ලැබේ. තරග විභාගවලට ඉදිරිපත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එමගින් ජය හිමිවන අතර ඔවුන්ගේ උසස්‌ අධ්‍යාපන අවස්‌ථා පුළුල් වීමටද කටයුතු සැලසේ. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ශාරීරික නිරෝගිතාව අඩුවන අතර බොහෝ දේ අමතක වන ස්‌වභාවයක්‌ ඇත. වසරේ මුල් මාස 3 කාලයේදී නොගැළපෙන බැඳීම්වලට සිත යොමු වීම හේතු කොටගෙන අධ්‍යාපනයට බාධා හා අවහිරතා පැමිණේ.
තුලා ලග්නයේ ජය සංකේත
මෙම වර්ෂයේ ශූභ දවස්‌ බදාදා, බ්‍රහස්‌පතින්දා හා සිකුරාදා
මෙම වර්ෂයේ ශූභ ජය අංක - 3, 5
මෙම වර්ෂයේ ශූභ වර්ණ - වෛවර්ණ
මෙම වර්ෂයේ ශූභ මැණික්‌ - පච්ච ගල
අය වැය - අය 02, වැය 14
ග්‍රහ අපල දුරු වීමට ශාන්ති කර්ම
සිකුරාදා දිනවල බෝධි පූජාමය පිංකම් පවත්වා පත්තිනි මෑණියන්, විෂ්ණු හා කතරගම දෙවියන් ප්‍රධාන දේව සමූහයාට පිං අනුමෝදන් කරන්න. සිකුරු සෙනසුරු ඇතුළු නව ග්‍රහ අපල දුරුවීමට පිහිට ප්‍රාර්ථනා කරන්න. නවග්‍රහයන්ට පිං දෙන්න. පූජා පැවැත්වීමේදී නැඟෙනහිර දිශාව බලා පවත්වන්න. එක දිගට සිකුරාදා දිනක ආරම්භ කර දින 21 කාලයක්‌ බෝධි පූජා පැවැත්වීම බෙහෙවින්ම ගුණදායක වනු ඇත. කරඳ පැළයක්‌ සිටුවා පෝෂණය කරන්න. එළඟිතෙල්, අබ තෙල්, කොහොඹ තෙල් යන වර්ග තුන මිශ්‍ර කළ තෙලෙන් පහන් 21 ක්‌ සිකුරාදා දිනක පත්තු කර පූජා කරන්න. රිදී හෝ රත්‍රන් ආලේපිත පත් ඉරුවක සබ්බ පාපස්‌ස අකරණං යන ගාථාව ලියා 800 වාරයක්‌ ජීවම් කර ළඟ තබාගැනීම ඉගෙනුම ලබන දරුවන්ට ඉතාම සුබදායක වනු ඇත. පච්ච ගලක්‌ සහිත රන් මුදුවක්‌ පැළඳීම ඉතාම ගුණදායක වනු ඇත.
පහත සඳහන් ගාථා කියා ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් වහන්සේටත්, කතරගම ස්‌කන්ධ කුමාර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේටත් පින් අනුමෝදන් කරන්න.
ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන් වහන්සේට පින් දෙන ගාථාව
සම්බුද්ධ ශාසනවරං යතිපුංග වංච
සම්පාලනාය පටිලද්ධ වරෝ යසස්‌සී
පුඤ්Æනිමානි අනුමෝධිය වාසු දේවෝ
පාලේතු මං සතත සහත හිතා වහන්තූ.
කතරගම ස්‌කන්ධ කුමාර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට පින් අනුමෝදන් කරන ගථාව
කාචරේ දේව ගෝවින්දං
රක්‌ඛන්තු ලෝක සාසනං
ඒතේ දේවානු භාවේන
කන්ද ස්‌වාමි නමෝ වරං.
මෙම ගාථා තෙවරක්‌ කියා කතරගම දෙවියන්ටත්, විෂ්ණු දෙවියන්ටත් පිං අනුමෝදන් කරන්න. ඔබේ ග්‍රහ අපල බෙහෙවින්ම සමනය වනු ඇත.


n 08වෘශ්චික
මවට සුබඵල උදාකරනු ඇත.
2018 නව වසර වෘශ්චික ලග්න ග්‍රහ චාරය ඔබට මෙසේ බලපානු ඇත.
වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ජන්ම පත්‍රයේ නව වසර ආරම්භයත් සමඟ පවතින ග්‍රහ චාරයට අනුව ලග්නාධිපති අඟහරු හෙවත් කුජ ගුරු සමගින් යෝගව ඔබගේ ලග්නයෙන් 12 වැන්නේ ගමන් කරන අතර ලග්නාධිපති 12 වැනි භාවයේ ගමන් කිරීම මත ඔබට වසර ආරම්භය එතරම් සුබදායක නොවනු ඇත. එසේම ඔබගේ ලග්නයට ලග්න ඒරෂ්ටක අපල තත්aත්වයක්‌ උදාකරමින් සෙනසුරු එළැඹෙන 2020 වසර දක්‌වා දෙවැන්නේ ගමන් කිරීම මත ඔබට ලග්න ඒරෂ්ටක අපල තත්ත්වය තව වසර 2 කට ආසන්න කාලයක්‌ මුහුණ දීමට සිදුවනු ඇත. එහි තදබල තත්ත්වය පසුගිය 2017 ඔක්‌තෝබර් 26 න් පසු පහව ගොස්‌ ඇත. එම නිසාවෙන් මෙම වසරේ දීත් පසුගිය 2017 වසර සේම ඔබට මානසික පීඩා තත්ත්වයන් ආදායම් තත්ත්වයේ පහත වැටීම්වලට යම් පමණකට මුහුණ දීමට සිදුවනු ඇත. කෙසේ වෙතත් මෙම නව වසර ඔබට යහපත් වූ වසරකි.
ගෘහ ජීවිතය
අවිවාහක ඔබට විවාහ මංගල කටයුතු සඳහා බාධාකාරීත්ත්ව මෙම වසරේ මුල් කාලයේ එනම් අගෝස්‌තු මාසය දක්‌වා වරින් වරට මතු විය හැකිය. ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එම තත්ත්වය අගෝස්‌තු මාසය වන විට පහව යනු ඇත. විශේෂයෙන් අධ්‍යාපන කටයුතු වල නිරත අයටත් දරුඵල බලාපොරොත්තු වන අයටත් වසරේ මුල් මාස 06 තුළ යහපත් ප්‍රතිඵල උදා වනු ඇත. ඉන් පසු වසරේ ඉතිරි මාස කීපය සුබ දායක නොවනු ඇත. ගේ දොර ඉඩකඩම් යාන වාහන ලැබීමේ හැකියාව වසරේ මුල් මාස 09 තුළ උදා වනු ඇත.
අධ්‍යාපනය
උසස්‌ අධ්‍යාපන කටයුතු වල නිරත ඔබටත් සුබදායක බලාපොරොත්තු තබා ගත හැක්‌කේ වසරේ මුල් මාස 07 න් පසුවයි. අදායම් තත්ත්වය මෙම වසර පුරාවට මධ්‍යස්‌ථ මට්‌ටමක පවති. වැය පක්‌ෂය ඉහළ යන අවස්‌ථා උදාවනු ඇත. අතට ලැබෙන මුදල් නිකරුණේ වියදම් වන අවස්‌ථා උදා වනු ඇත. විශේෂයෙන් වසරේ මුල් මාස 07 තුළ තමාගේa මවට සුබඵල උදාකරනු ඇත. නව ව්‍යාපාර ආරම්භ කිරීමට වසරේ මුල් මාස 06 තුළ සුබ දායක වනු ඇත. මෙම වසර ඔබගේ නෑදෑ හිතවතුන් ඔබට වඩාත් සමීප වන වසරකි. ඔබගේ බාල සහෝදරයෙකුට අපල තත්ත්වයක්‌ උදා වනු ඇත. හිතමිතුරන් ඔබ හා එක්‌වන වසරකි. වන්දනා ගමන් මෙන්ම විදේශ සංචාරද වසරේ මුල් මාස 06 තුළ හිමිවනු ඇත. වසරේ මුල් මාස තුන තුළ පවුල් ජීවිතය ආශ්‍රිතව යම් යම් ගැටලු හා සුළු වශයෙන් මතබේද මතු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. භූමිය ආශ්‍රිත ව්‍යාපාර වලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප්‍රතිඵල උදා වනු ඇත. මුදල් ණයට දීමේදී මෙන්ම ගැනීමේදීත් ප්‍රවේශම් විය යුතු අතර, ඔබ ඉල්ලා ඇති ණය මුදලක්‌ වසර මැදදී ලැබෙනු ඇත. ලොතරැයි ලාභ හා භූමි ලාභ ඉටුවන වසරකි.
රැකියාව
මැණික්‌ ව්‍යාපාර හෝ භූමිය ආශ්‍රිත ව්‍යාපාර කරන ඔබට මෙම වර්ෂය මධ්‍යම ප්‍රතිඵල උදාකරනු ඇත. රෙදි කර්මාන්ත වල යෙදෙන වෘශ්චික ලග්න හිමියන්ට මෙම වසර සුබදායක වනු ඇත. ගොවිතැන් කටයුතු කරන වෘශ්චික ලග්න හිමියන්ට මෙම වසර එම ගොවිතැන් කටයුතු සඳහා ඉතාමත් යහපත් වූ වසරකි. ක්‍රීඩා කටයුතු වල නිරත වෘශ්චික ලග්න ඔබට මෙම වසර ඉතා යහපත් වනු ඇත. එළැඹෙන 2018 ඔක්‌තෝම්බර් මාසය දක්‌වා ගුරු හෙවත් බ්‍රහස්‌පති ඔබගේ ලග්නයෙන් 12 වැන්නේ ගමන් කිරීම ඔබට මෙම වසර ආරම්භයත් සමග රැකී රක්‌ෂා සම්බන්ධයෙන් කැපී පෙනෙන සුබදායක තත්ත්වයකි. නව වසරේ රැකියා බලාපොරොත්තු වන ඔබගේ එම කටයුතු සාර්ථක වන අතර රැකියා ස්‌ථාන මාරු හා නව රැකියා සඳහා ද අවස්‌ථාවන් උදා වනු ඇත. ඔබ ප්‍රධානීන්ගේ ඇගයුමට ලක්‌වන වසරකි.
සෞඛ්‍ය තත්ත්වය
සාමාන්‍ය අනතුරු තත්ත්වයන්, ඇළ දොළ ගංගා වලදී සිදුවන අනතුරු තත්ව හා රථවාහන අනතුරු තත්ත්ව ඇති විය හැකිය. වසරේ මුල් මාස 03 පසුව ගුප්ත ශාස්‌ත්‍ර කටයුතුවල නිරත ඔබට එම කටයුතු සඳහා අවස්‌ථාවන් එතරම් උදා නොවනු ඇත. මෙම වසරේ මුල් මාස 04 න් පසු වෘශ්චික ලග්න හිමි පෙම්වතුන්ට සුබදායක වනු ඇත. විශේෂයෙන් ඔබ මෙම වසර සර්පයන්ගෙන් පරිස්‌සම් විය යුතු වසරකි. ඒ පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුය. ශරීරයේ උෂ්ණාධික රෝගාබාධ මෙන්ම සෙම් ආශ්‍රිත රෝග, යටි බඩ ආශ්‍රිත ආබාධ, තුනටියේ හා අත් පය වල ආබාධ, ස්‌නායු ආබාධ, තුවාල වැළඳීමේ අවදානමක්‌ වසරේ මුල් මාස 03 තුළ පවතී.
වෘශ්චික ලග්නයේ ඔබට :
කහ හා රතු පරිහරණයට ගන්න. ඉරිදා දින උසස්‌ අය හමුවීමට හා රැකීරක්‍ෂා සඳහා පිටවීමට සුබ වෙයි. බැංකු ගිණුමක්‌ ඇරඹීමට හා විවාහයට බ්‍රහස්‌පතින්දා සුබවෙයි. සෙනසුරාදා ණය ගෙවීමට සුබ වන අතර, බදාදා වැදගත් ලේඛන වලට අත්සන් නොකරන්න. සිකුරාදා දින මුදල් බැඳීම් හා පොරොන්දු වලින් වළකින්න.
වෘශ්චික ලග්න හිමි ඔබගේ එළැඹෙන නව වසරම සුබදායක වීමටත් පවතින ග්‍රහ අපල සමනය වීමටත් -
පුර පක්‌ෂයේ අඟහරුවාදා දින 09 ක්‌ සවස 8-9 අතර හෝ උදෑසන 6 -7 අතර කාලය තුළ නිල් කටරොළු මල් හා විවිධ වර්ගයේ මල් සමග බෝධි පූජාවන් පවත්වා විෂ්ණු දෙවියන් හා කතරගම දෙවියන් ප්‍රධාන තම ඉෂ්ට දෙවියන්ට පින් අනුමෝදන් කර පවතින සෙනසුරු ඇතුළු නවග්‍රහ අපල සමනය වේවායි ප්‍රර්ථනා කරන්න.
වෘශ්චිකයෙන් උපන් අයට පුෂ්පරාග මැණික්‌ හා රතුපාට ගල් පැළඳීම යහපති.
2018 වෘශ්චිකයේ අය - 08, වැය - 05 (සුබයි)
සුබ වර්ණ - කහ පාට, ක්‍රීම් පාට හා රතු පාට
සුබ දින - බ්‍රහස්‌පතින්දා, අඟහරුවාදා, ඉරිදා හා සදුදා
ජය අංක - 9, 4, 2, 7
සුබ අකුර - ස


n 09ධනු
විදේශ ගමන් හා උසස්‌ අධ්‍යාපන වරම්
ධනු ලග්නයේ ඔබට :
සුබ වර්ණ වනුයේ සුදු / ක්‍රීම් / කොළ / ඔරේන්ඡ් හා ලා නිල් පාට වේ. රතු හා මුතු වර්ණ අශුභ වේ. බදාදා හා සිකුරාදා ඉතාමත් වාසනාවන්ත වෙයි. බ්‍රහස්‌පතින්දා ජයග්‍රහණ ලබන අතර සඳුදා කරදර සිත් තැවුල් ඇති වෙයි. බදාදා ප්‍රසන්න භාවය හා සමෘද්ධිය ලැබෙන අතර සෙනසුරාදා අන් අයගෙන් උදව් ලැබේ. සිකුරාදා දින අධික ලාභ ලැබීමට මුදල් යෙදීමට සුබවෙයි.
2018 නව වසර ධනු ලග්න ඔබට,
ගුරු හිමි ධනු ලග්නයෙන් උපන් ඔබගේ ජන්ම පත්‍රයේ නව වසර ආරම්භයත් සමග පවතින ග්‍රහ චාරයට අනුව ලග්නාධිපති ගුරු කුජ සමගින් ඔබගේ ලග්නයෙන් 11 වැන්න හෙවත් අයස්‌ථානයේ ගමන් කරන අතර ලග්නාධිපති හෙවත් ගුරු කුජ සමඟින් අයස්‌ථානයේ ගමන් කිරීම මත ඔබට වසර ආරම්භය ආදායම් තත්ත්වය සම්බන්ධයෙන්, මෙන්ම විදේශ ගමන්, උසස්‌ අධ්‍යාපනය, පෙර පින සම්බන්ධයෙන් ඉතාමත් සුබදායක වනු ඇත. වසර ආරම්භයත් සමග රවි, සිකුරු හා ශනි සමගින් ඔබගේ ලග්නයේත් වැන්නේත්, සඳු 7 වැන්නේත්, බුධ 12 වැන්නේත්, ගමන් කිරීම මත මෙම වසර ආරම්භය සුබදායකය. ඔබ නොබියව ඉදිරියට යන වසරකි. එසේම ඔබගේ ධනු ලග්නයට ලග්න ඒරාෂ්ටක අපල තත්ත්aවයක්‌ උදා කරමින්a අසුබ ඵල ගෙන එන ග්‍රහයා වන සෙනසුරු එළබෙන 2020 ජනවාරි දක්‌වා ලග්නයේ හෙවත් ධනු රාශියේ ගමන් කිරීම මත ඔබට වසර පහක ලග්න ඒරාෂ්ටක අපල තත්ත්වයේ යම් පීඩාකාරී තත්ත්වයක්‌ තවත් ඉදිරියට වසර දෙකහමාරක පමණ කාලයක්‌ මුහුණදීමට සිදුවනු ඇත. එම නිසාවෙන් මෙම වසරේ දීත් පසුගිය 2017 වසර සේම ඔබට මානසික පීඩා තත්ත්වයන් මෙන්ම ආදායම් තත්ත්වයේ පහත වැටීම් වලට මුහුණ දීමට සිදුවනු ඇත.
ආදායම් තත්ත්වය හා ගෘහ ජීවිතය
ඔබගේ ලග්නයේ සෙනසුරු සම රාශි ගතව ගමන් කිරීම මත ඔබගේ අතට ලැබෙන මුදල් නිකරුණේ වියදම් වන අවස්‌ථා මෙම වසර තුළ බෙහෙවින් උදා වනු ඇත. විශේෂයෙන් අධ්‍යාපන කටයුතු වල නිරත අයටත් දරුඵල බලාපොරොත්තු වන අයටත් වසරේ මුල් මාස කීහිපය තුළ යහපත් ප්‍රතිඵල උදා වනු ඇත. ඉන් පසු වසරේ ඉතිරි මාස කීපය සුබදායක නොවනු ඇත. ගේ දොර ඉඩකඩම් යාන වාහන ලැබීමේ හැකියාව වසරේ මුල් මාස 06 තුළ ඔබට එතරම් උදා නොවනු ඇත. උසස්‌ අධ්‍යාපන කටයුතු වල නිරත ඔබටත් සුබ දායක බලාපොරොත්තු තබා ගත හැක්‌කේ වසරේ මුල් මාස 06 න් පසුවයි. විශේෂයෙන් ඔබ මෙම වසර සතුරු කරදර වලින් පරිසම් විය යුතු වසරකි. ඒ පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන් වසරේ මුල් මාස 06 තුළ තමාගේa පියාට සුබඵල උදාකරනු ඇත.
රැකියාව හා අධ්‍යාපනය
නව ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට වසරේ මුල් මාස 06 තුළ සුබ දායක නොවනු ඇත. වන්දනා ගමන් මෙන්ම විදේශ සංචාරද වසරේ මුල් මාස 04 තුළ හිමිවනු ඇත. වසරේ මුල් මාස තුන තුළ පවුල් ජීවිතය ආශ්‍රිතව යම් යම් ගැටලු හා සුළු වශයෙන් මත බේද මතු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. භූමිය ආශ්‍රිත ව්‍යාපාර වලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප්‍රතිඵල උදාවනු ඇත. මුදල් ණයට දීමේදී මෙන්ම ගැනීමේදීත් ප්‍රවේශම් විය යුතු අතර, මැණික්‌ ව්‍යාපාර හෝ භූමිය ආශ්‍රිත ව්‍යාපාර කරන ඔබට මෙම වර්ෂය මධ්‍යම ප්‍රතිඵල උදා කරනු ඇත. රෙදි හා විසිතුරු භාණ්‌ඩ කර්මාන්ත වල යෙදෙන ධනු ලග්න හිමියන්ට මෙම වසර සුබ දායක වනු ඇත. ගෙවිතැන් කටයුතු කරන ධනු ලග්න හිමියන්ට මෙම වසර එම ගොවිතැන් කටයුතු සඳහා ඉතාමත් යහපත් වූ වසරකි. ක්‍රීඩා කටයුතු වල නිරත ධනු ලග්න ඔබට මෙම වසර සුබ අසුබ මිශ්‍ර යහපත් වසරක්‌ වනු ඇත.
එසේම ඔබ විවාහයක්‌ සම්බන්ධයෙන් බලාපොරොත්තුවෙන් සිටියා නම් යම් පමණක විවාහයක්‌ සඳහා බාධාකාරී තත්ත්ව වසරේ මුල් කාලයේ වරින් වරට මතු විය හැකිය. ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. නමුත් එම තත්ත්වය මැයි මාසය වන විට පහව යනු ඇත. මෙම වසරේ මුල් මාස 06 තුළ ධනු ලග්න හිමි පෙම්වතුන්ට සුබ දායක වනු ඇත.
සෞඛ්‍ය තත්ත්වය
ශරීරයේ යටි බඩ ආශ්‍රිත ආබාධ, තුනටියේ හා අත් පය වල ආබාධ, ස්‌නායු ආබාධ, උෂ්ණාධික රෝගා බාධ මෙන්ම සෙම් ආශ්‍රිත රෝග, වැළඳීමේ අවදානමක්‌ වසරේ මුල් මාස 03 තුළ පවතී. අදායම් තත්ත්වය මෙම වසර පුරාවට මධයස්‌ථ මට්‌ටමක පවති. වැය පක්‌ෂය ඉහළ යන අවස්‌ථා ද උදාවනු ඇත. ගුරු මහ දශා හා අන්තර් දශා ගත කරන අයට සුබ දායක අතර ශනි හා රාහු දශා ගතකරන්නන්ට එතරම් සුබදායක නොවනු ඇත.
ධනු ලග්න හිමි ඔබගේ එළඹෙන නව වසරම සුබදායක වීමටත් පවතින ග්‍රහ අපල සමනය වීමටත් -
පුර පක්‌ෂයේ බ්‍රස්‌පතින්දා දින 14 ක්‌ සවස 8-9 අතර හෝ උදෑසන 6 -7 අතර කාලය තුළ කහ නිල් කටරොළු මල් හා විවිධ වර්ගයේ මල් සමග බෝධි පූජාවන් පවත්වා විෂ්ණු දෙවියන් හා කතරගම දෙවියන් ප්‍රධාන තම ඉෂ්ට දෙවියන්ට පින් අනුමෝදන් කර පවතින සෙනසුරු ඇතුළු නවග්‍රහ අපල සමනය වේවායි ප්‍රාර්ථනා කරන්න.
ධනුවෙන් උපන් අයට කොල නිල් මිශ්‍ර ගල් ජාති හා පසිංගල් හෝ ඝන පච්ච වර්ග යහපති.
2018 ධනු අය - 05, වැය - 11 (අසුබයි)
සුබ වර්ණ - කහ පාට, රතු පාට
සුබ දින - බ්‍රහස්‌පතින්දා, සඳුදා
ජය අංක - 7, 3, 1, 8
සුබ අකුර - ව


n 10මකර
පවුලේ දියුණුවට කටයුතු සැලසෙනු ඇත.
මකර ලග්නයේ ඔබට :
සුදු / රතු හා නිල් වාසනාවන්ත වර්ණ වන අතර කහ හා ක්‍රීම් වර්ණ වලින් වළකින්න. සිකුරාදා / අඟහරුවාදා හා සෙනසුරාදා සුබ දවස්‌ වේ. බදාදා ජය ගන්නා දිනයකි. බ්‍රහස්‌පතින්දා හා ඉරිදා වියදම් අධික වේ.
2018 නව වසර මකර ලග්න ග්‍රහ චාරය අනුව ඔබට මෙසේ බලපානු ඇත.
ගේ දොර හා සාමාන්‍ය ජීවිතය
පසුගිය වසරේ ඔක්‌තෝබර් 26 සිට ඔබට ලග්න ඒරාෂ්ටක අපල තත්ත්වයක්‌ ඇති කරමින් ලග්නාධිපති සෙනසුරු ලග්නයෙන් 12 වැන්නේ ගමන් කිරීම මත 2018 වර්ෂයේ ආරම්භය ඔබට එතරම් යහපත් නැත. කේතු ලග්නගතවත් රාහු 7 වැන්නේත් ගුරු 10 වැන්නේත් ගමන් කිරීම මත දරුවන් බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ට යහපත් හා බුද්ධිමත් දරුවන් ලැබෙන අතර ඒ තුළින් පවුලේ පිරිස්‌ බලය වැඩි වේ. උත්සව පවත්වන්නට හෝ උත්සවවලට සහභාගී වීමට වසරේ මුල් මාස 6 තුළ විවිධාකාරයෙන් අවස්‌ථාවන් උදා වනු ඇත. ගේ දොර කෑම බීම ඇතුළු අවශය උපකරන ආදියෙන් එතරම් අග හිඟකම් මතු නොවනු ඇත. වසරේ ජූලි මාසයෙන් පසු කාලවලදී තම නිවසින් පිටස්‌තරව වාසය කිරීමට සිදුවන අතර නඩු හබ හා නීති කටයුතු වලින් පරාජයට පත් විය හැකිය. හදි හූනියම් වැනි දෝෂ නිසා තමන් වාසය කරන නිවසේ කලඑළිය අඩුවීමටද හැකියාව පවති. ස්‌ථීර නිවෙස්‌ වලින් ඈත් වී තාවකාලික නිවෙස්‌වල පදිංචියේ යෙදීමට අවස්‌ථාව උදාවනු ඇත.
එසේම වසර ආරම්භයේදීම පදිංචිය පිළිබඳ ගැටලු පැනනැඟීමට හැකියාව පවතී. හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුරගමන් ද යෙදීමට ඉඩ ඇත. විදේශ ගමන් සඳහා ඔබට නව වසර තුළ යහපත් අවස්‌ථා උදා වේ. ඇස්‌වහ කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවණතාවයක්‌ ඇත. මුල් මාස 3 ක කාලය රෙදි පිළි හා වස්‌තු ලාබ ලැබෙන කාලයකි. ණය මුදලකින් නිදහස්‌ වීමටද අවුරුද්දේ මුල් මාස 3 ඇතුළත අවස්‌ථාවක්‌ උදාවනු ඇත.
විවාහය හා ගෘහ ජීවිතය
මෙම නව වසරේ මුල් මාස 6 ක කාල සීමාව තුළදී අවිවාහක ඔබට මංගල යෝජනා උදාවීමට අවස්‌ථාව යෙදේ. විවාහක මකර ලග්න හිමියන්ගේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් සිතා බැලීමේදී බොහෝ විට ගැටලු ඇති විය හැකිය. උසස්‌ අයගෙන් යහපතක්‌ උදා වන කාලසීමාවකි. පවුලේ දියුණුවට කටයුතු සැලසෙනු ඇත. විශේෂයෙන්ම අවිවාහක මකර ලග්න හිමියන් වසරේ මුල් මාස 6 තුළ එම කටයුතු සම්බන්ධයෙන් උනන්දුවීමෙන් ඔබට යහපත් ප්‍රතිඵල උදා කර ගත හැකි වනු ඇත. බොහෝ විට මෙම කාලය තුළ පෙම්වතුන්ගේ ප්‍රේම සම්බන්ධතා සාර්ථක වන කාලසීමාවකි. තරුණ වයසේ පසු වන ස්‌ත්‍රීන්ට හා පුරුෂයින්ට ආදර හැඟීම් අතින් යහපත් වූ කාල සීමාවකි. මෙම තත්ත්වය බෙහෙවින්ම බලපාන්නේ මෙම වසරේ මුල් මාස 6 තුළය. වසරේ අග භාගයේ ග්‍රහ ගමන අනුව අඹු සැමි සතුට හීන වන කාලයකි. රහු මහ දශා අන්තර් දශා ගත කරන අයට රාජ්‍ය දඬුවම් ලැබීමේ හැකියාව පවතී. ගමන් බිමන් අධික වන අතර බලාපොරොත්තු ඉටු නොවනු ඇත.
ධනය හා ලැබීම්
මෙම වර්ෂය ආරම්භයේදී ඔබට මිල මුදල් හා ධන ලාභ වලින් සුබදායක වනු ඇත. වසරේ මුල් මාස 6 ක කාලය ධන ලාභ ලැබෙන කාලයකි. නමුත් විටින් විට අධික වියදම් හා ප්‍රබල ධන හානිද මෙම වසර පුරාවටම ඔබට යම් යම් අවස්‌ථා වල ඇති විය හැකිය. ඒ පිළිබඳව නිතරම අවධානය යොමු කිරීම හා බුද්ධිමත්ව කටයුතු කිරීම නුවණට හුරුය. වසරේ ජනවාරි සිට ජූලී දක්‌වා කාල සීමාව මිල මුදල් අතින් යහපත් කාල සීමාවකි. ලොතරැයි වාසනා වැනි ධන ලාභ ලැබීමට අවස්‌ථාවන් උදා වේ. මෙම කාලයේ ඔබ කතාවට දක්‌ෂ වනු ඇත. වචනයේ බලය පෙන්වීමට හොඳ කාලයකි. ගුප්ත විද්‍යාවෙන් වැඩ ගැනීමට බලාපොරොත්තු වන අයට මුල් මාස වලදී ඉතා යහපත් ප්‍රතිඵල ලැබෙන කාල සීමාවක්‌ වනු ඇත. ඔබගේ බාල සහෝදරයෙකුට උසස්‌ වීමක්‌ ලැබීමට අවස්‌ථා උදා වනු ඇත.
රැකී රක්‌ෂා කටයුතු
රැකීරක්‍ෂාවල උසස්‌ වීම් මෙන්ම නව රැකියා අවස්‌ථා ලැබෙන කාලයකි. නමුත් වසර අග කාල සීමාව තුළ තමා රැකියාව කරන ස්‌ථානයේ යම් යම් මානසික පීඩා ඇතිවන ආකාරයේ සිද්ධීන් උදා විය හැක. විශේෂයෙන් සමාජයෙන් ගරු නාම ලැබෙන අතර සමාජයේ පිළිගැනීමක්‌ ඇති වේ. රැකියාව හේතු කොට ගෙන ආදායම් මාර්ග සරු වන හා පඩි වැඩි වන කාලයකි. මෙම වසර තුළ වෙළෙඳ ව්‍යාපාරවල යෙදෙන මකර ලග්න හිමියන්ට එමගින් ලාභ ලැබෙන අතර මෙම වර්ෂය ව්‍යාපාර වලට සුබදායක වසරක්‌ වනු ඇත. කෙසේ වෙතත් රාහු මහ දශා හා අන්තර් දශා ගත කරන හා සෙනසුරු ජන්ම හෝ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක ගත කරන මකර ලග්න හිමියන්ට ව්‍යාපාර අතින් එතරම් සුබදායක නොවනු ඇත. අධික ලෙස මුදල් වියදම් කිරීමට සිදුවීම හේතුවෙන් ඒවායින් ආලාභ හා පාඩු සිදුවිය හැකිය. එම නිසාවෙන් ඔවුන්ට මිල මුදල් අතින් එතරම් සුබ නොවනු ඇත. හවුලේ කරන රැකියා හෝ ව්‍යාපාර කටයුතු වලින් ද පාඩු සිදුවේ. රාහු මහ දශා හා අන්තර් දශා ගත කරන හා සෙනසුරු ජන්ම හෝ චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ටක ගත කරන මකර ලග්න හිමියන්ට රැකීරක්‌ෂා සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඇති වනු ඇත. කලක පටන් කර ගෙන ආ රැකී රක්‌ෂා වලට බාධා ඇති වේ.
ශරීර සෞඛ්‍යය
ඔබට මෙම වසර සෞඛය අතින් නම් සතුටු දායක යහපත් කාලයක්‌ වනු ඇත. පැවති අසනීපයන් අඩු වන කාලයකි. ශරීරයේ බර වැඩි වේ. උදරාශ්‍රිත රෝග ආහාර ජීර්ණ පද්ධතියේ විවිධ ආබාධ, වසංගත රෝග, නිදන් ගත රෝගාබාධ, හෘදයේ තදබල තිගැස්‌සීම් නිසාවෙන් ඇතිවන්නා වූ අබාධ තත්ත්වයන් නිසා අනතුරු වලට මුහුණ පෑමට වසරේ අවසන් මාස වලදී සුළු වශයෙන් සිදු වනු ඇත. එම තත්ත්වයන් මෙන්ම ආහාර විස වීම්, වැනි දේ ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම මෙම කාලය තුළ පාද වලට අනතුරු ඇති විය හැකිය. යාන වාහන පැදවීමේදි පරිස්‌සම් විය යුතු කාලයකි.
අධ්‍යාපනය
ඥානය හා බුද්ධිය වැඩි දියුණු වන අතර අමුතු දෙයක්‌ පිළිබඳ ඉගෙනීමටද අවස්‌ථාව ලැබේ. තරග විභාගවලට ඉදිරිපත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එමගින් ඡය හිමිවන අතර ඔවුන්ගේ උසස්‌ අධ්‍යාපන අවස්‌ථා පුළුල් වීමටද කටයුතු සැලසේ. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ශාරීරික නිරෝගිතාව අඩුවන අතර බොහෝ දේ අමතක වන ස්‌වභාවයක්‌ ඇත. වසරේ මුල් මාස 3 ක කාලයේදී නොගැලපෙන බැඳීම් වලට සිත යොමු වීම හේතු කොටගෙන අධ්‍යාපනයට බාධා හා අවහිරිතා පැමිණේ.
මකර ලග්න හිමි ඔබගේ එළඹෙන නව වසරම සුබ දායක වීමටත් පවතින ග්‍රහ අපල සමනය වීමටත් - ග්‍රහ අපල දුරු වීමට ශාන්ති කර්ම
සෙනසුරාදා හා බ්‍රහස්‌පතින්දා දිනවල බෝධි පූජාමය පිංකම් පවත්වා විෂ්ණු දෙවියන් ප්‍රධාන දේව සමූහයාට පිං අනුමෝදන් කරන්න. සෙනසුරු ඇතුළු නව ග්‍රහ අපල දුරුවීමට පිහිට ප්‍රර්ථනා කරන්න. නවග්‍රහයන්ට පිං දෙන්න. පූජා පැවැත්වීමේදී උතුරු දිශාව බලා පවත්වන්න. එක දිගට ශනිදා දිනක ආරම්භ කර දින 17 ක කාලයක්‌ බෝධි පූජා පැවැත්වීම බෙහෙවින්ම ගුණදායක වනු ඇත. නා පැලයක්‌ සිටුවා පෝෂණය කරන්න. එළඟිතෙල්, අබ තෙල්, මිශ්‍ර කල තෙලෙන් පහන් 19 ක්‌ ශනිදා දිනක පත්තු කර පූජා කරන්න. රිදී හෝ රත්‍රන් ආලේපිත පත් ඉරුවක සබ්බ පාපස්‌ස අකරනං යන ගථාව ලියා 800 වාරයක්‌ ජීවම් කර ලග තබා ගැනීම ඉගෙනුම ලබන දරුවන්ට ඉතාම සුබදායක වනු ඇත.
පහත සඳහන් ගාථා කියා ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් වහන්සේටත් කතරගම ස්‌කන්ධ කුමාර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේටත් පින් අනුමෝදන් කරන්න.
ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් වහන්සේට පින් දෙන ගාථාව
සම්බුද්ධ ශාසනවරං යතිපුංග වංච
සම්පාලනාය පටිලද්ධ වරෝ යසස්‌සී
පුඤ්ඤානිමානි අනුමෝදිය වාසු දේවෝ
පාලේතු මං සතත සහත හිතා වහන්තු.
කතරගම ස්‌කන්ධ කුමාර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට
පින් අනුමෝදන් කරන ගාථාව.
කාචරේ දේව ගෝවින්දං
රක්‌ඛන්තු ලෝක සාසනං
ඒතෙ දේවානූ භාවේන
කන්ද ස්‌වාමි නමො වරං.
මෙම ගාථා තෙවරක්‌ කියා කතරගම දෙවියන්ටත් විෂ්ණු දෙවියන්ටත් පිං අනුමෝදන් කරන්න. ඔබේ ග්‍රහ අපල බෙහෙවින්ම සමනය වනු ඇත.
මකරයෙන් උපන් අයට චන්ද්‍රකාන්ත ගල් පැළඳීම යහපති.
2018 මකර අය - 14, වැය 11 සුබයි
ජය අංක - 6, 5, 3, 2
සුබ අකුර ඡ් ර


n 11කුම්භ
හදිසි ගමන්
ශනි හිමි කුම්භ ලග්නය හිමි අයගේ සාමාන්‍ය රූප ස්‌වභාව : මධ්‍යම ප්‍රමාණ ශරීරයක්‌ වේ. ප්‍රිය මුහුණ වේ. වර්ණවත් ඉසකෙස්‌ වේ. කාරුණික පෙනුමෙන් යුක්‌ත වේ. කුම්භ ලග්නයෙන් උපන් ඔබ ආගමට දහමට මෙන්ම දැනුමට හා බුද්ධියට ලැදි කෙනෙකු විය යුතුය. පහසුවෙන් මිතුරු කම් ඇති කර ගන්නා චරිතයකි. නමුත් ඔබ විටෙක සිතේ ස්‌ථීර ගතිය අඩු කෙනෙකු විය හැකිය. බොහෝ විට මිටි මහත සිරුරකින් යුතු විය හැකිය. ඇවිදීමට ප්‍රිය චරිතයකි. අත්පා ඇඟිලි දිගු විය හැකිය. බොහෝ විට ඇසූ පිරූ තැන් ඇති අයෙකු ලෙස සමාජයේ හැසිරෙයි. ඔබ සමාජයට හිතවත්ය. ශනි හිමි කුම්භ ලග්නය හිමි අයගේ ගතිගුණ : ස්‌වභාවික තත්ත්වයට ගරු කරන්නෙකි. මනුෂ්‍ය ගති ඇත්තෙකි. ගැඹුරු දේ ඉගෙනීමෙහි ආශා ඇත්තෙකි. ක්‌ෂත්‍රිය මායම් දනී. රාෂ්ට්‍ර පළෙන විද්‍යාව දනී. අනුන්ගේ චරිත කීමේ ශාස්‌ත්‍ර ඉගෙනීමෙහි දක්‌ෂ වේ. හොඳ මිත්‍රයන් ආශ්‍රය කරයි. නියම මිත්‍රයෝ කවුරුද යනු අඳුනා ගැනීමෙහි සමර්ථ වේ. කරන දේ සොයා බලා කරයි. නැත්නම් වෙන කෙනෙකු කරන තුරු බලා සිට ඉගෙන ගෙන කරයි. ප්‍රවේශම, ඉවසීම, හිතේ එකඟකම, ඔහුගේ ගුණධර්මයෝ වෙති. සියුම් ක්‍රියාවන්හි ඇලෙයි. ඥානවන්ත වුණේ වී නමුත් අලූත් දේ පිළිබඳව සිතයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ තනිව විවේකව ජීවත්වීමට තිබෙන ආශාව නිසා කටයුතුවල නොයෙදෙන අඳුරු කාලවලට මුහුණ පාන්ට සිදුවීමත් ඉදිරියට පැනයන ගතිය අඩුකමත් ලෞකික දේට හිත යොමු නොකිරීම සමහර විටක ඇතිවන කම්මැලි භාවයක්‌ වේ. ශනි හිමි කුම්භ ලග්නය හිමි අයගේ රෝග : රෝග : කකුල් වේදනා රෝග හෝ ඉදිමීම, ලේ නහර මතුවීමෙන් සෑදෙන රෝග හෘදයේ රෝග හමේ රෝග හා ඇස්‌ රෝග ද ලෙහෙසියෙන් සෑදේ. ශනි හිමි කුම්භ ලග්නය හිමි ඔබට මෙම නව වසර අවුරුද්දේ මුල් මාස 6 ක කාලය තුළ තම මවට හෝ පියාට අපල දායක කාල සීමාවක්‌ උදා වෙයි. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ට යහපත් හා බුද්ධිමත් දරුවන් ලැබෙන අතර ඒ තුළින් පවුලේ පිරිස්‌ බලය වැඩි වේ. උත්සව පවත්වන්නට හෝ උත්සවවලට සහභාගී වීමට වසරේ මුල් මාස 6 තුළ විවිධාකාරයෙන් අවස්‌ථාවන් උදා වනු ඇත. ගේ දොර කෑම බීම ඇතුළු අවශ්‍ය උපකරණ ආදියෙන් එතරම් අග හිග කම් මතු නොවනු ඇත. වසරේ මුල් කාලය තුළ ඔබගේ නෑදෑ හිත මිතුරන් ඔබ සොයා පැමිණෙන අතර ඔවුන්ගේ උදව් උපකාර ඔබට නිතැතින්ම හිමි වනු ඇත. සතුරන් ඇති නොවන සතුරන්ගෙන් ජය ලබන කාලයකි. වසරේ ජූලි මාසයෙන් පසු කාල වලදී තම නිවසින් පිටස්‌තරව වාසය කිරීමට සිදුවන අතර නඩු හබ හා නීති කටයුතු වලින් පරාජයට පත් විය හැකිය. හදි හූනියම් වැනි දෝෂ නිසා තමන් වාසය කරන නිවසේ කලඑළිය අඩුවීමටද හැකියාව පවති. ස්‌ථීර නිවෙස්‌ වලින් ඈත් වී තවකාලික නිවෙස්‌වල පදිංචියේ යෙදීමට අවස්‌ථාව උදාවනු ඇත. වසර ආරම්භයේදීම පදිංචිය පිළිබඳ ගැටලු පැන නැගීමට හැකියාව පවතී. නමුත් උගත් වැඩිහිටි අයගේ උපදෙස්‌ මත ඒවා විසදා ගැනීමට අවස්‌ථාව උදාවේ. මුල් මාස 6 ක කාල සීමාව තුළ නඩු හබ වලින් නිදහස්‌ වීමේ අවස්‌ථා උදා වෙයි. විවිධාකාරයේ ගිවිසුම් වලට එළැඹීමේ අවස්‌ථාවද මෙම කාල සීමාව තුළ උදා වනු ඇත. හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්‌ථාව සැලසෙන අතර අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. විදේශ ගමන් සඳහා ඔබට නව වසර තුළ යහපත් අවස්‌ථා උදා නොවේ. ඇස්‌වහ කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවණතාවයක්‌ ඇත. මුල් මාස 3 නක කාලය රෙදි පිළි හා වස්‌තු ලාබ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍යදේ මිලදී ගැනීමට අවස්‌ථාව ලැබෙන අතර මෙම කාලයේදී ප්‍රනීත රසමුසු ආහාරද විටින් විට ලැබීමට හැකියාව පවතී. ණය මුදලකින් නිදහස්‌ වීමටද අවුරුද්දේ මුල් මාස 3 අතුළත අවස්‌ථාවක්‌ උදාවනු ඇත. ජනවාරි සිට ජුනි අතර කාලයේදී ස්‌ත්‍රීන්ට පුරුෂයන්ගෙන්ද පුරුෂයන්ගෙන් ස්‌ත්‍රීන්ටද ලාබ ලැබෙන කාලයක්‌ වනු ඇත. 2018 වර්ෂයේ මැද භාගයේදී පවුලේ වැඩිහිටියෙකුට ප්‍රබල අපල තත්ත්වයක්‌ පෙන්නුම් කරයි. රන්, රිදී, මුතු මැණික්‌ වැනි අලුත් ආභරණ ලැබීමේ අවස්‌ථාව උදා වේ. වෙහෙස මහන්සිය ඇති ගමන් බිමන් යැමට සිදුවේ. විවාහය හා ගෘහ ජීවිතය වසරේ මුල් මාස 6 ක කාල සීමාව තුළදී අවිවාහක ඔබට මංගල යෝජනා උදාවීමට අවස්‌ථාව යෙදේ. විවාහක කුම්භ ලග්න හිමියන්ගේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් සිතා බැලීමේදී බොහෝ විට නිතරම සතුටු දායක සිනාමුසු මුහුණින් සිටීමට අවස්‌ථාවන් උදාවනු ඇත. ගේ දොර වාසනාව ඇති වන කාලයකි. උසස්‌ අයගෙන් යහපතක්‌ උදා වන කාලසීමාවකි. පවුලේ දියුණුවට කටයුතු සැලසෙනු ඇත. පස්‌කම් සැප හා විවාහ සැප ලැබෙන කාලයකි. විශේෂයෙන්ම අවිවාහක කුම්භ ලග්න හිමියන් වසරේ මුල් මාස 6 තුළ එම කටයුතු සම්බන්ධයෙන් උනන්දුවීමෙන් ඔබට යහපත් ප්‍රතිඵල උදා කර ගත හැකි වනු ඇත. බොහෝ විට මෙම කාලය තුළ පෙම්වතුන්ගේ ප්‍රේම සම්බන්ධතා සාර්ථක වන කාලසීමාවකි. තරුණ වයසේ පසු වන ස්‌ත්‍රීන්ට හා පුරුෂයන්ට ආදර හැඟීම් අතින් යහපත් වූ කාලසීමාවකි. මෙම තත්ත්වය බෙහෙවින්ම බලපාන්නේ මෙම වසරේ මුල් මාස 6 තුළය. වසරේ අග භාගයේ ග්‍රහ ගමන අනුව අඹු සැමි සතුට හීන වන කාලයකි. සෙනසුරු මහ දශා හා අතුරු දශා ගත කරන අයට මෙම වසර පවුලේ දියුණුව ඇති වනු ඇත. ධනය හා ලැබීම් මෙම වර්ෂය ආරම්භයේදී ඔබට මිල මුදල් හා ධන ලාභ වලින් සුබදායක වනු ඇත. වසරේ මුල් මාස 6 ක කාලය ධන ලාභ ලැබෙන කාලයකි. නමුත් විටින් විට අධික වියදම් හා ප්‍රබල ධන හානිද මෙම වසර පුරාවටම ඔබට යම් යම් අවස්‌ථාවල ඇති විය හැකිය. ඒ පිළිබදව නිතරම අවධානය යොමුකිරීම හා බුද්ධිමත්ව කටයුතු කිරීම නුවණට හුරුය. වසරේ ජනවාරි සිට ජූලි දක්‌වා කාලසීමාව මිල මුදල් අතින් යහපත් කාල සීමාවකි. ලොතරැයි වාසනා වැනි ධන ලාභ ලැබීමට අවස්‌ථාවන් උදා වේ. මෙම කාලයේ ඔබ කතාවට දක්‌ෂ වනු ඇත. වචනයේ බලය පෙන්වීමට හොඳ කාලයකි. ගුප්ත විද්‍යාවෙන් වැඩ ගැනීමට බලාපොරොත්තු වන අයට මුල් මාස වලදී ඉතා යහපත් ප්‍රතිඵල ලැබෙන කාල සීමාවක්‌ වනු ඇත. ඔබගේ බාල සහෝදරයෙකුට උසස්‌ වීමක්‌ ලැබීමට අවස්‌ථා උදා වනු ඇත. රැකී රක්‌ෂා කටයුතු රැකීරක්‍ෂාවල උසස්‌ වීම් මෙන්ම නව රැකියා අවස්‌ථා ලැබෙන කාලයකි. නමුත් වසර අග කාල සීමාව තුළ තමා රැකියාව කරන ස්‌ථානයේ යම් යම් මානසික පීඩා ඇතිවන ආකාරයේ සිද්ධීන් උදා විය හැක. විශේෂයෙන් සමාජයෙන් ගරු නාම ලැබෙන අතර සමාජයේ පිළිගැනීමක්‌ ඇති වේ. රැකියාව හේතු කොට ගෙන ආදායම් මාර්ග සරු වන හා පඩි වැඩි වන කාලයකි. මෙම වසර තුළ වෙළඳ ව්‍යාපාර වල යෙදෙන කුම්භ ලග්න හිමියන්ට එමගින් ලාභ ලැබෙන අතර මෙම වර්ෂය ව්‍යාපාර වලට සුබ දායක වසරක්‌ වනු ඇත. කෙසේ වෙතත් රාහු මහ දශා හා අන්තර් දශා ගත කරන හා සෙනසුරු ජන්ම හෝ චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ටක ගත කරන කම්භ ලග්න හිමියන්ට ව්‍යාපාර අතින් එතරම් සුබ දායක නොවනු ඇත. අධික ලෙස මුදල් වියදම් කිරීමට සිදුවීම හේතුවෙන් ඒවායින් ආලාභ හා පාඩු සිදුවිය හැකිය. එම නිසාවෙන් ඔවුන්ට මිල මුදල් අතින් එතරම් සුබ නොවනු ඇත. හවුලේ කරන රැකියා හෝ ව්‍යාපාර කටයුතු වලින් ද පාඩු සිදුවේ. ශරීර සෞඛ්‍ය ඔබට මෙම වසර සෞඛය අතින් නම් සතුටු දායක යහපත් කාලයක්‌ වනු ඇත. විශේෂයෙන්ම මෙම කාලය පාද වලට අනතුරු ඇති විය හැකිය. යාන වාහන පැදවීමේදී පරිස්‌සම් විය යතු කාලයකි. අධ්‍යාපනය ඥානය හා බුද්ධිය වැඩි දියුණු වන අතර අමුතු දෙයක්‌ පිළිබඳ ඉගෙනීමටද අවස්‌ථාව ලැබේ. තරග විභාග වලට ඉදිරිපත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එමගින් ජය හිමිවන අතර ඔවුන්ගේ උසස්‌ අධ්‍යාපන අවස්‌ථා පුළුල් වීමටද කටයුතු සැලසේ. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ශාරීරික නිරෝගි තාව අඩුවන අතර බොහෝ දේ අමතක වන ස්‌වභාවයක්‌ ඇත. වසරේ මුල් මාස 3 කාලයේදී නොගැලපෙන බැඳීම් වලට සිත යොමු වීම හේතු කොටගෙන අධ්‍යාපනයට බාධා හා අවහිරතා පැමිණේ.
වසරම සුබ දායක වීමටත් පවතින ග්‍රහ අපල සමනය වීමටත් -
පුර පක්‌ෂයේ ශනිදා දින 09 ක්‌ සවස 8-9 අතර හෝ උදෑසන 6 -7 අතර කාලය තුළ කහපාට මල් හා නිල් කටරොළු මල් ඇතුළු විවිධ වර්ගයේ මල් සුවඳ දුම් සමඟ පූජා කොට බෝධි පූජාවන් පවත්වා පත්තිනි මෑණියන්, සුමන සමන් දෙවියන් ප්‍රධාන තම ඉෂ්ට දෙවියන්ට පින් අනුමෝදන් කර පවතින නවග්‍රහ අපල සමනය වේවායි ප්‍රර්ථනා කරන්න. අසරණ අයට දාන මාන දෙන්න, නිවසේ කිරි දානයක්‌ දීම ඉතාම යහපත් වනු ඇත.
කුම්භයෙන් උපන් අයට තද නිල් හා වෙනත් නිල් ගල් ජාති පැළඳීම යහපති.
කහ / රතු / සුදු හා ක්‍රීම්පාට වාසනාවන්ත වේ. කහපාට ආදායම වැඩිවීමට හා ප්‍රීතිමත් පවුල් ජීවිතයකට සුබ වේ. රතු පාට සතුරන්ගෙන් ජය ගැනීමට හා කීර්තියට සුබවෙයි. බ්‍රහස්‌පතින්දා / සිකුරාදා / අගහරුවාදා යන දින කුම්භ ලග්නයට ඉතාමත් සුබවේ. බදාදා හා ඉරිදා එතරම් සුබ නොවන අතර මුදල් යෙදවීම් අසුබ වෙයි.
2018 ශනි හිමි කුම්භ ලග්න අය - 14, වැය 11 සුබයි
ජය වර්ණය - නිල් පාට
ජය අංකය - 07 /09
ජය දිශාව - උතුර
ජය අකුර - ර


n 12මීන
රෙදි හා විසිතුරු භාණ්‌ඩ කර්මාන්ත වලට යහපත්
ගුරු හිමි මීන ලග්නය හිමි අයගේ සාමාන්‍ය රූප ස්‌වභාව : කුඩා අතපය ආදී අවයවයන් ගෙන් යුත් මිටි තරබාරු ශරීරයක්‌ වෙයි. උරහිස්‌ පටුය. උකුල ප්‍රදේශය පළල්ය. බබළන ඇස්‌ වේ. සමහරට විට ප්‍රමාණයට වඩා ලොකු ඇස්‌ වෙයි. බොහෝ විට රතට හුරු ඇස්‌ වෙයි. ගුරු හිමි මීන ලග්නය හිමි අයගේ ගතිගුණ : ගතිගුණ : බාල කාලයේ කඩිසර වේ. සංදර්ශනීය වේ. උණුවන හිතක්‌ ඇති සෘජු කෙනෙක්‌ වෙයි. අන්‍යයන් ගේ අදහස්‌ වලට ගරු කිරීමක්‌ වශයෙන් නැමෙයි. අමුතු අමුතු අදහස්‌ වලට හා අලුත් අලුත් දේවලට හැරෙන ගතියක්‌ තිබේ. ප්‍රීතියට රස ආහාරයට රසාස්‌වාදනයෙන් කල් ඇරීමට කැමැති වෙයි. ලෞකික අතින් දියුණුව හෙමිහිට වෙයි. ලෝකෝත්තර දේම ගරු කොට සලකයි. කටයුතු දෙකක හෝ වැඩි ගණනක යෙදී සිටීමට සමර්ථ වේ. ඉතාම කරුණාවන්ත වේ. දුගියෙකුට යමක්‌ දීමේදී උඹට මක්‌ වෙලාද, රක්‌ෂාවක්‌ කරන්නට බැරිද කියා කිසි කලක නොවිමසයි. එසේම රෝගියෙකුට සංග්‍රහ කිරීමේදී ලෙඩේ කුමක්‌ද, හැදුනේ කොහොමද, කියා නොවිමසයි. ක්‌ෂමාව දීම මීන ලග්නකාරයාගේ ප්‍රධාන අංගයයි. හතුරෙකුට වුවත් ෙද්‍රdaහිකම් නොකරයි. මහජන සේවයට ඇති අධික ආශාවක්‌ ගරු නම්බු තෑගි බෝග ලැබීමට ඇති අශාවත් දුර්වලකම් හැටියට පෙනේ ගුරු හිමි මීන ලග්නය හිමි අයගේ රෝග : ලේ වැඩිකම හෝ සෙම් වැඩිකම, දණ හිස්‌ වල අමාරු හා අතපය හිරි වැටීම් ඇති විය හැකිය සියලු සෙම් රෝග පහසුවෙන් සෑදේ. ඔලුවේ බෙල්ලේ හා පපුවේ රෝග, උගුරේ රෝග, පීනස, ඇදුම, සෙම් ගෙඩි ලෙහෙසියෙන් සෑදේ. කල්යාමේදී මළබද්ධය සෑදිය හැකිය. 2018 නව වසර මීන ලග්න ග්‍රහ චාරය අනුව ඔබට මෙසේ බලපානු ඇත. මෙම වසර ආරම්භයත් සමඟ ආදායම් තත්ත්වය පහත බසින කාරණා යෙදෙනු ඇත. වියදම් වැඩි ලාභ අඩු කාලයකි. වසරේ මුල් මාස තුන තුළ පවුල් ජීවිතය ආශ්‍රිතව යම් යම් ගැටලු මතු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ව්‍යාපාර වලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප්‍රතිඵල උදා වනු ඇත. මුදල් ණයට දීමේදී ප්‍රවේශම් විය යුතු අතර, ඔබ ඉල්ලා ඇති ණය මුදලක්‌ වසර මුලදීම ලැබෙනු ඇත. ලොතරැයි ලාභ හා භූමි ලාභ ඉටු වන වසරකි. සාමාන්‍ය අනතුරු තත්ත්වයන්, ඇළ දොළ ගංගා වලදී සිදුවන අනතුරු තත්ත්ව හා රථවාහන අනතුරු තත්ත්ව ඇති විය හැකිය. වසරේ මුල් මාස 03 පසුව විවාහ කටයුතු සඳහා අවස්‌ථාවන් එතරම් උදා නොවනු ඇත. මෙම වසරේ මුල් මාස 06 තුළ මීන ලග්නහිමි පෙම්වතුන්ට සුබ දායක වනු ඇත. මැණික්‌ ව්‍යාපාර හෝ භූමිය ආශ්‍රිත ව්‍යාපාර කරන ඔබට මෙම වර්ෂය මධ්‍යම ප්‍රතිඵල උදා කරනු ඇත. රෙදි කර්මාන්ත වල යෙදෙන වෘෂභ ලග්න හිමියන්ට මෙම වසර සුබ දායක වනු ඇත. භූමිය ආශ්‍රිත ව්‍යාපාර වලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප්‍රතිඵල උදා වනු ඇත. මුදල් ණයටදීමේදී මෙන්ම ගැනීමේදීත් ප්‍රවේශම් විය යුතු අතර, ඔබ ඉල්ලා ඇති ණය මුදලක්‌ වසර මුලදීම ලැබෙනු ඇත. ලොතරුයි ලාභ හා භූමි ලාභ ඉටු වන වසරකි. සාමාන්‍ය අනතුරු තත්ත්වයන්, රථවාහන පැදවීම් වලදී සිදුවන අනතුරු තත්ත්ව හා උස්‌ ස්‌ථාන වලදී අනතුරු තත්ත්ව ඇති විය හැකිය. තදබල ලෙස කේන්තියන අවස්‌ථාවන් ඇති වනු ඇත. මෙම වසරේ මුල් මාස 03 තුළ මීන ලග්න හිමි පෙම්වතුන්ට සුබ දායක වනු ඇත. මැණික්‌ ව්‍යාපාර හෝ භූමිය ආශ්‍රිත ව්‍යාපාර කරන ඔබට මෙම වර්ෂය මධ්‍යම ප්‍රතිඵල උදා කරනු ඇත. රෙදි හා විසිතුරු භාණ්‌ඩ කර්මාන්තවල යෙදෙන මීන ලග්න හිමියන්ට මෙම වසර සුබදායක වනු ඇත. ගෙවිතැන් කටයුතු කරන මීන ලග්න හිමියන්ට මෙම වසර එම ගොවිතැන් කටයුතු සඳහා ඉතාමත් යහපත් වූ වසරකි. ක්‍රීඩා කටයුතු වල නිරත මීන ලග්න ඔබට මෙම වසර සුබ අසුබ ම්ශ්‍ර යහපත් වසරක්‌ වනු ඇත. කාන්තාවන් නිසා කරදර ඇති වන වසරකි. ඔබගේ අතට ලැබෙන මුදල් නිකරුණේ වියදම් වන අවස්‌ථා මෙම වසර තුළ බෙහෙවින් උදා වනු ඇත. විශේෂයෙන් වසරේ මුල් මාස 06 තුළ තමාගේa පියාට සුබඵල උදාකරනු ඇත. නව ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට වසරේ මුල් මාස 06 තුළ සුබ දායක වනු ඇත. මෙම වසර ඔබගේ නෑදෑ හිතවතුන් ඔබට වඩාත් සමීප වන වසරකි. ඔබගේ වැඩිමහල් සහෝදරයෙකුට වසරේ මුල් කාලසීමාව තුළ අපල තත්ත්වයක්‌ උදාවනු ඇත. හිතමිතුරන් ඔබ හා එක්‌වන වසරකි. වන්දනා ගමන් මෙන්ම විදේශ සංචාරද වසරේ මුල් මාස 06 තුළ හිමි වනු ඇත. වසරේ මුල් මාස තුන තුළ පවුල් ජීවිතය ආශ්‍රිතව යම් යම් ගැටලු හා සුළු වශයෙන් මත බේද මතු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. රජයෙන් හා ආයතන ප්‍රධානීන්ගෙන් පැසසුම් ලැබෙන වසරකි. ගුරු මහ දශා හා අතුරු දශා ගත කරන මීන ලග්න හිමියන්ට සුබ දායක වන අතර රාහු හා ශනි දශා ගත කරන්නන්ට එතරම් සුබදායක නොවනු ඇත.
වසරම සුබදායක වීමටත් පවතින ග්‍රහ අපල සමනය වීමටත් -
පුර පක්‌ෂයේ බ්‍රහස්‌පතින්දා දින 14 ක්‌ සවස 8-9 අතර හෝ උදෑසන 6 -7 අතර කාලය තුළ කහපාට මල් හා නිල් කටරොළු මල් ඇතුළු විවිධ වර්ගයේ මල් සුවඳ දුම් සමඟ පූජා කොට බෝධි පූජාවන් පවත්වා පත්තිනි මෑණියන්, සුමන සමන් දෙවියන් ප්‍රධාන තම ඉෂ්ට දෙවියන්ට පින් අනුමෝදන් කර පවතින නවග්‍රහ අපල සමනය වේවායි ප්‍රර්ථනා කරන්න. අසරණ අයට දාන මාන දෙන්න, නිවසේ කිරි දානයක්‌ දීම ඉතාම යහපත් වනු ඇත.
මීනයෙන් උපන් අයට පුෂ්පරාග ගල් ජාති පැළඳීම යහපති.
රෝස / රතු හා ඔරේන්ඡ් වර්ණ වලින් වළකින්න. සුදු / කොළ හා ක්‍රීම් වර්ණයන් සුබ වන අතර මීන ලග්නයේ අයට බ්‍රහස්‌පතින්දා රක්‌ෂාවට හා කීර්තියට ශුභ වන අතර අඟහරුවාදා දීර්ඝ ගමන් හා මිල මුදල් කටයුතු සඳහා සුබ වේ.
2018 ගුරු හිමි මීන ලග්නයේ අය - 05, වැය - 11
ජය වර්ණය - රන්වන් පාට
ජය අංකය - 01 /06
ජය දිශාව - දකුණ
ජය අකුර - ග

සැ. යු.
ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්, ගත වන මහ දශා, හා අතුරු දශා, ග්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපත,s 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන්, හා විවිධ ග්‍රහ දුෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදු විය හැකිය.
සෙනසුරු ඇතුළු නව ග්‍රහ අපල දුරුවීමට ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ ශ්‍රී නාමයට ගායනා කරනු ලබන සෙත්කවි රත්නය...
උදාවන්නා වූ 2018 නව වසරේ ඔබගේ ලග්න අනුව පවතින ග්‍රහ අපල සමනය වීමට මෙහි පහත සඳහන් සෙත් කවිය සෙනසුරාදා දින වල සවස 6. 00 ත් රාත්‍රී 8. 24 ත් අතර කාලයේ දින 07 ක්‌ නිවසේදී ගායනා කරන්න. වෘෂභ, වෘශ්චික, ධනු හා මකර යන ලග්න හා ශනි, රාහු, අඟහරු යන මහ දශා, අතුරු දශා හිමි ඔබට මෙම සෙත් කවිය විශේෂයෙන් සුබදායක වනු ඇත.
පතන යහපත යදින සැම වෙත දෙවිඳ සිරිපිය තෙදැස ම පතුරන
ලබන බුදු බව දරන දසබල අසුර බලබිද සසුන සුරකින
පෙළන ශනි සහ සියලු ග්‍රහදොස පවුලෙ සැමහට මෙමට පවතින
දුරින දුරුකර දෙවනු මැන සැප සතුට සැනසුම වසරෙ සැමදින.
n 00වැඩි විස්‌තර සඳහා 0382293771 / 0772753100
ජ්‍යෙdතිෂවේදී බණ්‌ඩාරගම, සම්පත් එස්‌ කල්පගේ
"තසුනි" සෙත්කවි හා ජ්‍යෙdතිෂ සේවය,
නො. 53/ඒ 1, විහාර මාවත, ගම්මන්පිල, බණ්‌ඩාරගම

Friday, December 29, 2017

හතුරුසිංහ වැඩ අරඹයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා, බංග්ලාදේශ සංචාරය සඳහා නම්කරන ලද එක්දින සංචිතයේ ක්‍රීඩකයන් සමග අද (28 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු පුහුණු සැසියට සහභාගි විය.
ජනවාරි මස 15 වැනිදා බංග්ලාදේශ සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමග පැවැත්වෙන තුන්කොන් තරගාවලිය ඉලක්ක කරගනිමින් මෙම පුහුණු සැසිය ආරම්භ කෙරුණු අතර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් 23 දෙනාම ඊට සහභාගි වී සිටියහ.
ඔවුන්ට අමතරව ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව නොමැති ලසිත් මාලිංගද අද පැවැති පුහුණු සැසියට සහභාගි වී සිටීම කැපී පෙනෙන සිදුවීමක් විය.






kelimadala asurini
ඡායාරූප - ඒ.එෆ්.පී. අනු‍ග්‍රහයෙනි

Wednesday, December 27, 2017

tiger zinda hai full movie

DOWNLOAD

2018 දී ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග 10 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැනට තහවුරු කරන ලද තොරතුරු අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේදී (2018) ටෙස්ට් තරග 10 කට සහභාගී වීමට නියමිතය. ඉන් තරග 2 ක් බංග්ලාදේශයට එරෙහිවද, තරග 3 ක් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිවද, තරග 2 ක් දකුණු අප්‍රිකාවට එරෙහිව සහ තවත් තරග 3 ක් එංගලන්තයටද එරෙහිවද පැවැත්වේ.
වසර අරඹමින් ජනවාරි මාසයේදී බංග්ලාදේශයේ සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සමග තුන් කොන් එක්දින තරගාවලියකට සහභාගි වෙයි. අනතුරුව පෙබරවාරි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරග 2 කට සහ විස්සයි20 තරග 2 කටද ශ්‍රී ලංකා පිල සහභාගි වීමට නියමිතය.
පෙබරවාරි මාසයේදී නැවත දිවයිනට පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායම, මාර්තු මාසයේදී ඉන්දියාව සහ බංග්ලාදේශය සමගින් ‘නිදහස් කුසලාන’ තුන්කොන් තරගාවලියට සහභාගි වන අතර එම තරගාවලිය විස්සයි20 තරගාවලියකි.
‘නිදහස් කුසලාන’ තරගාවලිය නිමා වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජූනි මාසය දක්වා මාස 2 ක පමණ විවේකයක් හිමිවේ. එහෙත් එය අයි. පී. එල්. තරග සමයයි. අප්‍රේල් සහ මැයි මාස දෙක අන්තර්ජාතික තරග කැලැන්ඩරයෙන් ඉවත් කර ඇත්තේ අයි. පී. එල්. තරගාවලියට සහභාගි වීම සඳහා ක්‍රීඩකයන්ට අවසර දීම සඳහාය. වසර 2018 අයි. පී. එල්. තරගාවලිය අප්‍රේල් මස 5 වැනිදා සිට මැයි මස 21 වැනිදා දක්වා පැවැත්වේ.
ජූනි මාසයේදී ටෙස්ට් තරග 3 කින් සමන්විත තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි සංචාරයක නිරත වීමට නියමිතය. එම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ට්‍රිනිඩෑඩ්හිදීද, දෙවැන්න බාර්බඩෝස්හිදීද, තෙවැන්න ශාන්ත ලුසියාහිදීද පැවැත්වේ.  
කොදෙව් සංචාරය නිමාවනවාත් සමගම දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවෙ තරග සංචාරයක නිතරවන අතර එහිදී ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග 2 කට සහ එක්දින තරග 5 කට සහභාගි වීමට නියමිතය.
ලබන වසරේදී ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් තරගාවලිය පැවැත්වෙන්නේ එංගලන්තයට එරෙහිවය. ඔක්තෝබර් මාසයේදී දිවයිනට පැමිණෙන එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග පැවැත්වේ.
මේ වසර (2017) මැද භාගය වන විට ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ අතරේ 7 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීම නිසා එහි 6 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම 2018 දී සහභාගි වන තරගාවලි
ටෙස්ට් තරග
■    ජනවාරි සහ පෙබරවාරි මාසවලදී බංග්ලාදේශයට එරෙහිව තරග 2 යි.
■    ජූනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරග 3 යි.
■    ජූලි සහ අගෝස්තු මාසවලදී දකුණු අප්‍රිකාවට එරෙහිව තරග 2 යි.
■    ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී එංගලන්තයට එරෙහිව තරග 3 යි.

එක්දින තරග
■    ජනවාරි මාසයේදී බංග්ලාදේශයට සහ සිම්බාබ්වේට එරෙහිව තරග 5 යි.
■    නොවැම්බර් මාසයේදී එංගලන්තයට එරෙහිව තරග 5 යි.
■    ජූලි සහ අගෝස්තු මාසවලදී දකුණු අප්‍රිකාවට එරෙහිව තරග 5 යි.

විස්සයි20 තරග
■    ජනවාරි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව තරග 2 යි.
■    මාර්තු මාසයේදී ඉන්දියාවට සහ බංග්ලාදේශයට එරෙහිව (නිදහස් කුසලාන) තරග 5 යි.

Monday, December 4, 2017

Flight recoder do not open

ගුවන් යානා  තුල ඇති කළු පෙට්ටිය මොකද්ද කියල ඔබ දන්නවාද