Wednesday, November 29, 2017

තිසර එක්‌දින ඔටුන්නත් පළඳියි

ශ්‍රී ලංකාවේ 22 වැනි එක්‌දින නායකයා ලෙස තිසර පෙරේරා නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව ඊයේ (29 දා) පියවර ගත්තේය. අදාළ පත්වීම ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්‌දින තරග තුන සහ විස්‌සයි විස්‌ස තරග තුන සඳහා පමණක්‌ වන අතර මෙම තරගාවලියේදී ඔහු දක්‌වන දක්‍ෂතා මත නායකත්වය ස්‌ථිර වීම හෝ අස්‌ථිර වීම රඳා පවතින බව ක්‍රිකට්‌ ආයතන ප්‍රකාශකයකු 'දිවයින' ට පවසා සිටියේය.

'එක්‌දින පිලේ නායකත්වය ලැබීම සතුටක්‌. කණ්‌ඩායමට සියයට දෙසීයකින් යුතුකම් ඉටුකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කණ්‌ඩායමේ සියලුම ක්‍රීඩකයන් මට සහයෝගය ලබාදෙයි කියලා විස්‌වාසයි.

ඉන්දියාවට එරෙහිව පළමු එක්‌දින තරගය ජයගෙන එතැනින් ඉදිරියට යන්න උත්සාහ කරනවා' යෑයි ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී නව නායක තිසර පෙරේරා පවසා සිටියේය.

මේ වසරේ සහභාගි වූ එක්‌දින තරග 26 න් තරග 21 ක්‌ම පරාජය වූ අතර ජයගෙන ඇත්තේ තරග හතරක්‌ පමණි. අදාළ එක්‌දින තරග 26 ඇන්ජලෝ මැතිව්ස්‌, උපුල් තරංග, ලසිත් මාලිංග සහ චාමර කපුගෙදර යන නායකයන් සිවුදෙනකු යටතේ මෙහෙයවීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවට සිදුවිය. මේ වසරේදී පමණක්‌ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින තරග මෙහෙයවන පස්‌වැනි නායකයා වන්නේ ද තිසර පෙරේරායි.

පාකිස්‌තානය සමඟ පැවැති විස්‌සයි විස්‌ස තරගාවලියේදී පළමු වරට නායකත්වයේ ඔටුන්න දමාගත් තිසර පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින තරගයක්‌ මෙහෙයවන 22 වැන්නා ද වේ. නාරංගොඩ ලියනආරච්චිගේ තිසර චිරන්ත පෙරේරා හෙවත් තිසර පෙරේරා මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ආදි සිසුවෙකි. හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්‌ ද ශාන්ත ජෝශප් විදුහලේ ආදි සිසුවෙකි.

28 හැවිරිදි තිසර පෙරේරා එක්‌දින තරග 125 කදී අර්ධ ශතක හතක්‌ සමඟ මුළු ලකුණු 1441 ක්‌ ලබා ඇති අතර එහි සාමාන්‍ය 17.57 කි. එහිදී ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 133 කි. උපුල් තරංග මෙහෙය වූ එක්‌දින තරග 22 කින් 16 ක්‌ම පරාජය වී තිබීම හේතුවෙන් තේරීම් කමිටුවට නව නායකයකු සොයා ගැනීමට සිදුවිය.

ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්‌දින තරගාවලිය සහ විස්‌සයි විස්‌ස තරගාවලිය සඳහා අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්‌, කුසල් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක එක්‌ කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව කටයුතු යොදා ඇති අතර අවසන් සංයුතිය ප්‍රකාශ කිරීම අද (30 දා) සිදුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පවසයි.

චන්දික හතුරුසිංහ වැනි පුහුණුකරුවකු යටතේ ක්‍රීඩා කිරීමට ලැබීම සතුටක්‌ බවත් තිසර පෙරේරා වැඩිදුරටත් පවසා සිටියේය.
අසේල විතාන(divaina newspaper)

Navy Light House Tangalle

If you are looking to discover Tangalla you can visit the Lighthouse in Tangalle. Newly build lighthouse in Tangalle with a fantastic view over the Ocean.






Friday, November 10, 2017

nidi nena Cover by rukshika shamali

thel geethaya(තෙල් ගීතය)අයිතිය මුල් කතෘ සතුය.

https://www.youtube.com/watch?v=ecDeS744skU&feature=youtu.be

බොදු බැති ගී අනුවාදන

බුදු පියාණෙනි-සෝමතිලක ජයහම,ඉතිපිසෝ භගවා -සංගීත් විජේසූරිය,බුදුන් වැඩිය මේ -ලතා වල්පොල ,දර්මදාස වල්පොල,දකිනවිට පන්සලක් -මලානි බුලත්සිංහල,ජයසිරි මහා හාමුදුරුවනේ-දීපිකා ප්‍රියදර්ශනී,නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්-සනත් නන්දසිරි


https://www.youtube.com/watch?v=W808aTrqat8

https://www.youtube.com/watch?v=W808aTrqat8


Thursday, November 9, 2017

Temple of the Sacred Tooth Relic

දළදා හාමුදුරුවන් උදෙසා දෛනික තේවා මුර තුනක් පැවැත්වීම සිරිත ය අලුයම් තේවාව නවපෑ තේවාව සහ හැන්දැ තේවාව ලෙස මෙම තේවා හැදින්වේ  තේවා යන්නෙහි ඇරත නම් ඉටුකළ යුතු වත්පිළිවෙත් හා නියමිත වෙලාවට කළ යුතු චාරිත්‍ර විධි එලෙසින් ඉටු කිරීම යන්නය දළදා මාලිගාවේ දී පවත්වන පූජා සදහා තේවා යන්න යොදාගනු ලබන්නේ බුදු පුද ,බුදු සිරිත ,හෝ බුදු පුජාව යන අරුතිනි .ඒ සදහා කැපවී සිටින පිරිස තේවාකරුවන් ලෙස හැදින්විමට හුරු වී තිබේ ශ්‍රී දළදා වහන්සේ රාජ්‍ය උරුමය වන හෙයින් දළදා තේවා සදහා ඉහළ බහුමානිය අගයක් ගොඩ නැගී තිබේ.එහෙයින් දිවමන් බුදු හිමියන්ගේ සුවාසු දහසක් ධර්මස්කන්දයෙන් පහස ලද්දා වූ සිරි දළදා වහන්සේ උදෙසා පවත්වන තේවාවන් සියල්ල බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ආනන්ද හිමියන් ඉටු කළ අයුරින්ම සිදු කිරීම විශේෂත්වයකි මේ වගකීම අතිගරු මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් වෙත දළදා සම්ප්‍රදායෙන් පවරා දී තිබේ.

අලුයම් තේවාව 
මෙය අලුයම් දූරය ලෙස ද ව්‍යවහාර වේ දිනපතා පාන්දර 5.15 ට අලුයම් තේවාව ඇරබේ.ඒ සමගම අලුයම් දූරයේ හේවිසි වාදනය කෙරේ.තෙවාකාරක භික්ෂුන් වහන්සේලා වට්ටෝරුරාල සහ අනෙකුත් රාජකරිකරුවන් ද පල්ලෙමලේ සිට යතුරු පයින්ඩ කිරීමෙන් පසු දොරවල් හැර අලුයම තේවාව සදහා සුදානම් වේ.දළදා හාමුදුරුවන් උදෙසා පැන් පුජා  කිරීම,දැහැටි පුජා  කිරීම,සමන් මල් පුජා  කිරීම,ගිලන්පස හා හීල් දානය පුජා  කිරීම පියවරින් පියවර සිදු කරයි.ඒ සමගම අලුයම් දුරයේ හේවිසි වාදනය ද සිදු කළ යුතුයි.උදෑසන 6.30 පමණ වන විට අලුයම් දුරයේ තේවා කටයුතු නිමා වෙයි. 

නවපෑ  තේවාව
උදෑසන 9.15 ට මාලිගාවේ දොරවල් හැරීමේ චාරිත්‍රයෙන්  නවපෑ  තේවාවට මුල පිරේ.මෙහිදී හේවිසි මණ්ඩපයේ සිට හේවිසි වැයීම සිදුවන්නේ සිරිතක් ලෙසිනි පල්ලේ මලේ බුදුගේ තුළ දී තේවාභාර භික්ෂුන් වහන්සේලා මල් මුරයක් තැබීම සිරිත ය.පසුව උතුම්  දළදා වහන්සේ වන්දනා කිරීමට බැතිමතුන්ට අවසර ලබාදෙයි දහවල් 10.15 ට දවල් දානය පුජා කෙරේ.මෙහි දී මහරන් පාත්‍රය,කුඩා රන් පාත්‍රය,සහ රිදී පාත්‍රා තුනක ආහාර හා අවුළුපත් පූජා කිරීම චිරාගත සම්ප්‍රදායයි.
 

හැන්දෑ තේවාව 
මෙය හැන්දෑ දුරය ලෙස ද හැදින් වේයි.එසේම අවස්ථා දෙකක දී සිදුවන්නේ රජුගේ අණ නියමය පරිදි ය පළමු හැන්දෑ දුරය පස්වරු 6.15 ට ආරම්භ වෙයි හේවිසි වාදනය ද සිදු කෙරේ.චාරිත්‍ර ඉටුකර උඩුමාලේ දොරවල් 6.30 ට විවаත කෙරේ.තෙවාකාරක භික්ෂුන් මල්මුරයක් තබා අනතුරුව සවස ගිලන්පස දළදා හාමුදුරුවන් උදෙසා පුජාකරයි.පළමු ගිලන්පස පූජාව මෙන් නොව පානීය වර්ග හයකින් යුක්තව දෙවන ගිලන්පස පූජාව සිදු කෙරෙයි.එය පස්වරු 8.00 ට සිදුවන්නකි දිනක් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දළදා වන්දනා කිරීමට හවස පැමිණෙන විට හැන්දෑ තේවාව අවසන් වී දොරවල් වසා තිබුණි රජු පැමිණිය ද යළි දොරවල් හැරීම දළදා තහංචියකි.ඒ අනුව ප්‍රමාද වීමෙන් පැමිණියහොත් රජුට දළදා වන්දනා කිරීම සදහා අවසරයක් ලබාදෙන මෙන් රජු කළ ඉල්ලීමකට අනුව දෙවන ගිලන්පස පූජාව ආරම්භ වී තිබෙයි.

 
දළදා තේවාව සහ හේවිසි වාදනය